හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් දෙදෙනාට එක්සත් ජාතික පක්ෂය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවමින් සහ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය අත්හිටුවමින් පනවා තිබූ තහනම ඊයේ දින ඉවත් කිරීමට එම පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළ බව ඊයේ දින ජනමාධ්‍ය වාර්තා කර ඇත.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂ සම්මේලනය සැප්තැම්බර් මස 10 හෝ ඊට ආසන්න දිනක පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරමින් යන බව ඊයේ දින කෘත්‍යාධිකාරි මන්ඩල රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසා ඇත.
කොළඹ දිස්ත්‍රික්කය තුළ එක්සත් ජාතික පක්ෂය නව්‍යකරණයට ලක් වෙමින් පවතින මොහොතක තාරුණ්‍යයේ ආකර්ෂණය ලබා ගැනීමට නම් නව පන්නයට සිතන ජරාජීර්ණ නොවූ හොරමැරකම් පිළිබඳ චෝදනා නැති සැබැවින්ම පක්ෂයට ආදරය කරන පක්ෂය වෙනුවෙන් තමන් ධාර්මිකව ඉපයූ ධනය වියදම් කරන නායකයෙක් අවශ්‍ය බව නොරහසකි. එය අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන් කොළඹ මහ නගර මහා නගර සභා සීමාව තුළ සිටින නාගරික මන්ත්‍රීන් බහුතරයකගේ සහාය මේ වන විට කැස්බෑව ආසන සංවිධායක උපුල් මාලේවන මහතාට ලැබී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.
ඒ අනුව කොළඹ බලමුළු ගන්වමින් නැවත එක්සත් ජාතික පක්ෂය ජයග්රාහි මාවතට ගෙන ඒම සඳහා නායකත්වය ලබාදෙන ලෙස කොළඹ නාගරික මන්ත්‍රීවරුන් දිනපතා දුරකථන ඇමතුම් ලබාදෙමින් උපුල් මාලේවන මහතාගෙන් ඉල්ලීම් සිදු කරන වග මේ මොහොත වන විට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත.
මාලේවන රසායනාගාරයට නෑකම් කියන සැබැවින්ම එක්සත් ජාතික පක්ෂයට ආදරේ කරන වර්තමාන නායක ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවාදියකු ලෙස හැඳින්වෙන උපුල් මාලේවන මහතා අවිස්සාවේල්ල ආසනයේ හිටපු එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ද වේ.
ඔහු සංවිධායක ධූරයට පත් වන විට චන්ද 22,000 ක පරතරයකින් අවිස්සාවේල්ල ආසනය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ වාම කඳවුරට ඔහු සංවිධායක ධුරයට පත්ව ගෙවීගිය ඉතා කෙටි කාලය තුළ එම පරතරය 8000 දක්වා අඩු කර ගැනීමට සිදුවූයේ උපුල් මාලෙවන මහතාගේ අතිසාර්ථක සංවිධායකත්වය නිසා බව කවුරුත් දන්නා රහසකි.
එදා එක්සත් ජාතික පක්ෂය එක් ආසනයට වැටුණු මොහොතක පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණි ගැටළු වලදි එතුමා සහය ඉල්ලා සිටියේ සිංහල බෞද්ධ පරපුරකට හිමිකම් කියන උපුල් මාලේවන මහතාගෙන් වීම තුළම එවකට එජාප නායකයා මෙන්ම අද රටේ නායකයා ද වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඔහු පිළිබඳ ව තබා ඇති විශ්වාසය වටහා ගත හැක.
ව්‍යාපාරිකයෙකු ලෙස ඔහු තම ක්ෂේත්රය වන ඉඩම් සහ වාහන අලෙවි කිරීම තුළින් නමක් රංඳා ඇති ව්‍යාපාරිකයෙකි.
පක්ෂයට ආදරේ කරන පාක්ෂිකයා සුරකින ජයග්‍රහණයේ දී මෙන්ම පරාජයේ දී ද එක්සත් ජාතික පක්ෂය සමගින් රැඳුන උපුල් මාලේවන සමඟ නැවත එක්සත් ජාතික පක්ෂය නුදුරේදීම කොළඹ ජයදද නං වන වග නං නම් සැබෑවකි..