පීඩිත ජනතාවට සහන රැසක් සමගින් 2024 අයවැය පාර්ලිමේන්තුවට ගේන්න කැබිනට් අනුමැතිය..!

2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන  පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2023-7- 31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති 2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන  පනත් කෙටුම්පත සඳහා නීතිපති නිශ්කාෂණය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් ස්ථායීකරණ  හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා එලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *