මහනුවර ශ්රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් පිරිසකට කොරෝනා වෛරසය වැලඳී ඇත.
ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානය සියලුම නිලධාරීන් නිරෝධායන ට ලක් කර ඇතැයි දළදා මාලිගාව නිවේදනය කරයි.
ඒ වෙනුවට මලිගාවේ පොලිස් ස්ථානයේ රාජකාරි කටයුතු ආවරණයට වෙනත් පොලිස් ස්ථානවගින් නිලධාරීන් අනුයුක්ත කර ඇත.
දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට වෛරසය ආසාදනය වී නැති බවත් තේවාවන්, පුද පූජා, වත් පිළිවෙත් අඛණ්ඩව සිදුවන බවද මාලිගාව කියා සිටියි.
එහි පැමිණෙන බැතිමතුන්ගේ සෞඛ්යාරක්ෂාව සඳහා ක්රියාත්මක වැඩපිළිවෙළ ද අඛන්ඩව සිදු වෙන්නේ ද එම නිවේදනයේ දැක්වෙයි.