දිනකට ලක්ෂ 03ක් හොයපු RMV ලොක්කෙක් ඇතුළු 600කට ස්ථාන මාරු..!

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරන මාණ්ඩලික නිලධාරියකු දිනකට රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක් බැගින් අයථා ලෙස උපයා ඇතැයි බුද්ධි අංශ රජයට දැනුම් දී ඇත.

ඔහු මෙම මුදල් උපයා ඇත්තේ වාහන පොත් මාරු කිරීම් හා ලියාපදිංචි කිරීම් තුන්සීයක් සඳහා දිනකට තම අත්සන තබමිනි.

මේ සඳහා ඔහු එක් අයකුගෙන් රුපියල් නවසියයක මුදලක් අයථා ලෙස ලබාගන්නා බව හෙළිවී ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම ‘අරුණ’ පුවත්පතට පවසා තිබුනා.

මෙම මාණ්ඩලික නිලධාරියාට අමතරව මෙවන් දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තුන්සියයක් පමණ නිලධාරීන් පිරිසක් හඳුනාගෙන ඇති බවද ඇමැතිවරයා පැවැසුවේය.

රාජ්‍ය බුද්ධි සේවය විසින් කරන ලද රහසිගත විමර්ශනයක් මගින් මෙම දෙපාර්තමේන්තුවේ වංචනික හා අකාර්යක්ෂම නිලධාරීන් හඳුනා ගත් බවත් ඊට සම්බන්ධ කිසිදු නිලධාරියකු එම දෙපාර්තමේන්තුවට අනුයුක්තව තවදුරටත් රාජකාරි සඳහා යොමු නොකරන බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරු යැවීමට නියමිත 600 ක පමණ නිලධාරීන් අතුරින් දූෂිත යැයි හඳුනාගත් මෙම තුන්සියයක පමණ නිලධාරීන් පිරිසද වෙනත් රාජ්‍ය ආයතන වෙත ස්ථාන මාරු කර යැවෙන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත නිලධාරීන්ම දූෂිතයන් නොවන බවත් රාජ්‍ය ඇමැතිවරයා කියයි.

බුද්ධි අංශ මගින් කර ඇති විමර්ශනවලට අනුව නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබූ කාලයේදී පමණක් මේ ආකාරයේ වංචනික, දූෂිත ක්‍රියාදාමයන් රැසක්ම සිදුව ඇත. දෙපාර්තමේන්තුවේ පහළම සේවකයාගේ සිට ඉහළම තනතුරු දක්වා වූ නිලධාරීන් රැසක් මීට සෘජුව හා වක්‍රව සම්බන්ධ වී තිබේ.

එමෙන්ම මාරුකර ඇති මෙම නිලධාරීන් හයසියයක පමණ පිරිස අතරට මෙම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුන් 15 දෙනකු සහ ගණකාධිකාරිවරුන් දෙදෙනකුද ඇතුළත්ව ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *