එකක් තියෙද්දි දෙවන කොරෝනා කමිටුව හැදුවේ ඇයි..? මාධ්‍යවේදි ප්‍රශ්ණයෙන් කැබිනට් ප්‍රකාශක අසරණ වෙයි..!

කොරෝනා මෘත දේහ ආදානයද භූමදානයද සම්බන්ධයෙන් මාධ්‍වේදියෙකු විසින් මාධ්‍ය හමුවකදී විසදීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා අපහසුතාවයට පත්විය.

කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතු බවට එක් කමිටුවකින් නිර්දේශ කර තිබියදී එය අභියෝගයට ලක් කරමින් තවත් කමිටුවකින් එම ප‍්‍රශ්ණයම විමසන්නේ කාගේ උවමනාටද කා විසින්දැයි මාධ්‍යවේදියා ප‍්‍රශ්න කලේය.

ඇමතිවරයා ඊට දුන් පිලිතුර නොගැලපෙන බව පැවසූ මාධ්‍යවේදියා නැවතත් ප්‍රශ්ණ කලේ එක කමිටුවකින් නිර්දේශ දී තිබියදී තවත් කමිටුවත් පත් කලේ කවුද කාගේ උවමනාවටදැයි කියාය.

එවිට ඇමතිවරයා කියා සිටියේ ‘ඔබ දන්නවා නම් මටත් කියන්න. මා දන්නේ නෑ’ යන්න ඊට ඇමතිවරයාගේ පිලිතුර විය.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම සිදුවීම විය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.