විමලවීර ඉල්ලා අස්වෙයි..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සියලුම කමිටුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ මෙම කාරක සභාවල යෝජනා සාකච්ඡා වලට පමණක් සීමා වී ඇති නිසා තමන් මෙම තීරණය ගත් බවයි.

යම් මාතෘකා එම කමිටුවල කතා කරනවා හැර අවසානයේදී තීරණ ක්‍රියාත්මක නොවන බවද පවසන ඔහු මහජන නියෝජිතයෙකු ලෙස තමන් කාලය කා දමමින් එහි රැඳී සිටීමේ තේරුමක් නැති බවද කියා සිටී.

දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කමිටු ගණනාවක් නියෝජනය කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *