Breaking: කඩා දැමූ මුල්ලිවයික්කාල් සිසු ස්මාරකය යළි ඉඳිකිරීමට මුල්ගල තැබේ..!

ඉකුත් ද කඩාදැමුණු යාපනය විශ්වවිද්‍යාලයේ මුල්ලිවයික්කාල් ස්මාරකය යළි ඉදිකිරිම සඳහා මුල්ගල තබා තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති C. සත්ගුණරාසා මහතා විසින් අද (11) පෙරවරුවේ මුල්ගල තබා ඇති ඇති අතර, එම ස්මාරකය දැමුවේ අනවසරයෙන් විශ්වවිද්‍යාලය භූමියේ කළ ඉදිකිරීමක් හේතුවෙන් බව මීට පෙර රජයේ නියෝජිතයින් අදහස් දක්වා සිටියා.

විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් කඩා දැමුණු ස්මාරකය සම්බන්ධයෙන් සිය විරෝධය දැක්වූ අතර විශ්වවිද්‍යාලය ඉදිරිපිට උපවාසයක් අරඹා තිබුනා.

අද අලුයම 3.00ට පමණ උපවාසයේ නිරතව සිටි පිරිසට උපකුලපතිවරයා කැඳ ලබාදී එම උපවසයද මේ වන විට අවසන් කර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *