යුක්රේන සංචාරකයන්ට කරදර නිසා මින්පසු සංචාරකයන්නට ගුවන් තොටේදී PCR පරීක්‍ෂණ නෑ.!

සංචාරකයන් මෙරටට පැමිණීමේ දී ඔවුන්ට ගුවන්තොටුපොළේ ම දී සිදු කරන PCR පරීක්ෂණ නැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙමින් තිබේ.

සංචාරකයන්ට ගුවන්තොටුපොලේ දී එම පරීක්ෂණ සිදුකිරීමෙන් සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමයක් සැකසීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඒ සඳහා නව ක්‍රමවේදයක් සකසා තිබේ.

ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන ඒමේ දී මතු වූ ප්‍රමාදය හා අපහසුතාවයන් සැලකිල්ලට ගෙන තීරණය කර ඇත්තේ ඔවුන් රැඳී සිටින හෝටල් තුළ දී පළමු PCR පරීක්ෂණය සිදු කිරීමටයි.

ඊට පසුව දින 5-7ක් අතර කාලෙදි දෙවෙනි PCR පරීක්‍ෂණය ද ඔවුන් සිටින හෝටලයකදී සිදු කිරීමට අවස්ථාව දී ඇත.

දින 17කට පසුවත් ඔවුන් මෙරට සංචාරය නිරත වන්නේ නම් ඔවුන්ට පනවා ඇති සංචරණ සීමා ඉක්මවා කටයුතු කිරීමට ද ඉඩ සැලසීමට නියමිතව තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *