අනාගතය දකින ජනපති රනිල්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (ICCU) ව්‍යාපෘතිය ඩුබායිහි පැවැත්වෙන COP 28 සමුළුවේදී (03) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. පැරිස් සම්මුතිය සමඟ ලෝකයේ රටවල් අනුගතව සිටියද, එහිදී එකඟ වූ ඉලක්ක සපුරා ගැනීමට එම රටවලට සහාය දැක්වීම සඳහා සැලකිය යුතු ආයතනික වෙනස්කම් කිසිවක් ක්‍රියාත්මක නොවු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එම කඩිනම් අවශ්‍යතාව හඳුනා ගනිමින් දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ තීරණාත්මක ප්‍රයත්නයන්ට දායක වීමට අවශ්‍ය ධාරිතා ගොඩනැගීම සහ පර්යේෂණ කටයුතු දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් (ICCU) පිහිටුවීමට තමා යෝජනා කළ බවද ජනාධිපතිවරයා පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *