JR 77 බලය ගත්තේ පාර්ලිමේන්තුවෙන් එළියේ ඉදලා..! 2025 ජනපති මම..!රනිල් එජාපයට කියයි

පළමුව බලය ගැනීමට වැඩ කර අවශ්‍ය නම් පසුව ගහ බැණ ගන්නට වුවද පුළුවන් හෙයින් දැන් හැමදෙනාම වැඩට බැසිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප ජේෂ්ඨයන් හමුවේ ඊයේ (14) පැවසීය.

පක්ෂයට ලැබුණු ඡන්ද ලක්ෂ දෙකහමාරෙන් රටෙි නායකයකු බිහි කිරීමට හැකියාවක් නැති බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා අඩු වු ඡන්ද ප්‍රමාණය යළි ගන්නා ක්‍රමය සකස් කළ යුතුව ඇතැයි ද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි තම නිවසට පැමිණි එක්සත් ජාතික පක්ෂ ජේෂ්ඨයන් කිහිප දෙනෙක් සමග ඊයේ පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී ය.

ජේ .ආර් ජයවර්ධන මහතා සමඟ පාර්ලිමේන්තුවෙන් පිටත සිට කැපී පෙනෙන චරිත කිහිපයක් රට වටා ගොස් කළ දේශපාලනයේ ප්‍රතිඵල ලෙස 1977 දී එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක ඉතිහාසගත ජයග්‍රහණය හිමි වූ ආකාරය ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.

රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි මෙන්ම පසුව ඊට එකතු වූ රොනී ද මැල් සහ කන්ද උඩරට කලාපයේ ඊ. එල් .සේනානායක ද ප්‍රසිද්ධියේ දේශපාලනය කරද්දී තිරය පිටුපසින් සිට එච්.ඩී.පී. පණ්ඩිතරත්න, එස්මන්ඩ් වික්‍රමසිංහ (සිය පියා) පෝල් පෙරේරා ,හිටපු ආරක්ෂක ලේකම් වරයෙක් වූ ජී.වී.පී.සමරසිංහ යන මහත්වරුන් ඊට අදාළ පසුබිම සකස් කර දුන් බවද රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

පක්ෂයට නැතිවූ ඡන්ද යනු ලබා ගන්නා ක්‍රමවේදයේ දී ඡන්ද හරවා ගැනීම ද අත්‍යවශ්‍ය කරුණක් යැයි වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *