ඇතුළෙ ඉන්න මන්ත්‍රි රන්ජන්ගෙගෙන් විශේෂ පණිවුඩයක්…!

වසර හතරක් සඳහා සිරගතකොට ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන නිරෝධායන කඳවුරේ සිට සිය හිතවතෙකු වෙත පණිවුඩයක් එවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘මව්රට’ පුවත්පතට අනාවරණය කළේය.

එම පණිවුඩය මඟින් රන්ජන් රාමනායක මහතා සිය මන්ත්‍රි කාර්යමණ්ඩලයට අසාධාරණයක් නොවන ලෙස ඔවුන්ව රැකබලා ගන්නා ලෙස ඉල්ලීමක් කොට ඇති බව දැනගන්නට තිබේ.

යම් හෙයකින් ඔවුන්ගේ වැටුප් ගෙවීමට අපහසුතාවක් ඇත්නම් හෝ නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට හැකියාවක් නොමැති නම් හිතවතුන් කිහිපදෙනකුගේ නම් සඳහන් කරමින් ඔවුන්ගෙන් මුදල් ඉල්ලා ගන්නා ලෙස රන්ජන් රාමනායක මහතා එම පණිවුඩය මඟින් දැනුම්දීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *