මහරගමදී ඇමති සරත්ගෙන් ඇමති දිනේෂ්ට ‘පොලිස් පාට්’ එකක්..! සහය දෙන්නේ බැසිල්ලු..!

මහරගම පමුණුව පදික වෙළඳුන් මේ වනවිට මුහුණදී සිටින අසීරු තත්වය සැලකිල්ලට ගණිමින් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා බාධා නොකරන ලෙස මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කරන ලද යෝජනාවක් සම්මත කර තිබියදී මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර කැරළි මර්දන පොලිස් බලකායක් යෙදවීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ලවී තිබේ.

ඊයේ (15) පෙරවරුවේ මේ සම්බන්ධයෙන් පදික වෙළඳුන් ඇතුළු විශාල පිරිසක් සරත් වීරසේකර ඇමතිවරයාට බරපතල චෝදනා එල්ලකරමින් විරෝධතාවයක නියැලී සිටියහ.

එහිදී ඔවුන්ගේ පොදු විරෝධය එල්ල වී තිබුනේ එම ඇමතිවරයාට ආධාර කළ එක් අයෙකු වෙනුවෙන් විශේෂ වරප්‍රසාද ලබාදී එම වරප්‍රසාද ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැරළි මර්දන පොලීසිය යොදවා ඇති බවය.

අම්පාර දිස්ත්‍රික්කයේ සිට කොළඹට පැමිණ ඡන්දය ලබාගෙන මහජන ආරක්ෂක ඇමති වූ පසු තම සාධාරණ ඉල්ලීම් නොතකා කැරළි මර්දන පොලිසිය යෙදවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධව මෙම විරෝධය දැක්වූහ.

කොවිඩ් වසංගත තත්වය සලකා මෙම පදික වෙළඳුන්ට සහනයක් ලබාදීමට දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කළ මැදිහත්වීම සම්පූර්ණයෙන්ම නොතකා හැර මහජන ආරක්ෂක ඇමතිවරයා ඔහුගේ බලතල ක්‍රියාත්මක කර ඇතැයි විරෝධතාකරුවන් පවසති.

ආණ්ඩුව ඇතුලේ ‘සිතල යුද්ධය’ මහරගමින් පුපුරා යයි!

ආණ්ඩුව පාර්ශවයේ කොළඹ දේශපාලන නායකයින් වන්නේ දිනේෂ් ගුණවර්ධන හා විමල් විමල් විරවංශ යන අමාත්‍යවරුන් ය. විශේෂයෙන් ආණ්ඩුවේ මහරගම සංවිධායක දිනේශ ගුණවර්ධනයි.

එහෙත්, බැසිල් රාජපක්ෂ විසින් කොළඹ නායකයා ලෙස සලකන්නේ අමාත්‍ය සරත් වීරසේකරට බව පැහැදිලිය.

පසුගිය මහ මැතිවරණයේදීත් විමල්, ගම්මන්පිල හා දිනේෂ් පහලට ඇද දමා සරත්ව කොළඹින් එකට ගෙන ඒමට ‘ගේමක්’ ගැහුවේ බැසිල් රාජපක්ෂ බව ආණ්ඩුවට පක්ෂපාති ජාතික බලවේගවල චෝදනාවයි.

කොළඹ දේශපාලන බලය උරගා බැලෙන සටන් මරු වලේ අන්කෙලියක් ලෙස මහරගම ගැටුම කරලියට පැමිණ ඇත්තේද ඒ අනුවය.

ලැබී ඇති තොරතුරු අනුව මහරගම මාර්ග පුළුල් කිරීම සඳහා යයි කියමින්, අනවසර ඉඳිකිරීම් ඉවත් කිරීමේ උත්සාහය පිටුපස සිටින්නේ සරත් වීරසේකරයි.

වහාම අනවසර වෙළඳසැල් කඩ කාමර ඉවත්කරන්නැයි පොලිසිය බාර ඇමති සරත් වීරසේකර, මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදී ඇති නියෝගය මෙතෙක් ක්‍රියාත්මක වී නැත. ඒ ‘දිනේෂ් -විමල්’ කණ්ඩායමේ බලපෑම නිසාය.

නියෝගය අනුව වැඩ නොකිරීම නිසා මහරගම පොලිසියේ ස්ථානාධිපතිව මාරු කිරීමට අමාත්‍ය සරත් වීරසේකර මේවනවිට කටයුතු යොදා ඇතැයි ද වාර්තාවේ.

මහරගම දේශපාලන බලය අත්කර ගෙනසිටින කොඩිකාරලාත්, ඇමති සරත් වීරසේකරගේ බලපෑම් වලට එරෙහිව පාරට බැස ඇත. ඒ කඩන්න කියා ඇති කඩ කාමර හා වෙළඳ සැල් ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ බව කියමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *