ගෝටාබය රාජපක්ෂ ජනපතිධුරය දක්වා රැගෙන ඒමේ කර්තව්‍යයේදී විශාල වැඩකොටසක් කළ වියත්මග සංවිධානයේ හිටපු ප්‍රධානියෙක් වන එරන්ද ගිනිගේ විසින් ජනාධිපතිවරයාට විවෘත ලිපියක් ලියමින් සඳහන් කරන්නේ ගොටාබය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් කිරිමේ මෙහෙයුම පිටුපස ඉන්දියාව සිටිබව තමා හොඳින්ම දන්නා බවයි.
සිය ෆේස්බුක් පිටුවේ පලකර ඇති ලිපිය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ගමේ මිනිසුන් ඉදිරියේ වීරයෙකු මෙන් කතා කළත් ඉන්දියාව ඉදිරියේදී ගෝඨාභය ජනපතිවරයාගේ කොන්ද වකුටු වී ඇති බවයි.
වත්මන් ජනපතිවවරයා කිසිම බාහිර පාර්ශවයකට යටත් වෙන්නේ නැති පුරවැසියන්ට පමණක් වගකියන අයෙක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වුවත් වරාය ජැටිය සම්බන්ධ කාරණයේදි පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ විදේශ ඒජන්තයන් ගෝටාබය ජනපතිවරයාගේ කර උඩ නැග සිටින බවත් එරන්ද ගිනිගේ වැඩිදුරටත් පවසයි.
ගොටාබය ජනපතිවරයාට උගත් පාඩම් සියල්ල මේ වනවිට අමතක වී ඇති බවත් දක්ෂයාට, සුදුස්සාට සුදුසු තැන දෙනු වෙනුවට විදේශ ඒජන්තයන්ගේ අවශ්‍යතාවය මත නුසුදුස්සන්ට මුල් තැන දී ඇති බවත් පවසන වියත්මග නායකයා, ගොටාබය රාජපක්ෂ වටා අවංක දක්ෂයන් කන්ඩායමක් වෙනුවට දැන් සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික අවස්ථාවාදි අහංකාර බිස්නස්කාරයන් කිහිපදෙනෙකු බවත් පවසයි.