යාපනයේ සිසු ස්මාරකය යලි හදවන්න ඉන්දියානු මහ කොමසාරිස් අගමැති මහින්ද රහසේ හමුවෙලා..!

යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ ස්මාරකය කඩා බිද දැමීමෙන් පසු ඒ පිලිබදව ඉන්දියාව මැදිහත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම ස්මාරකය කඩා දැමීමෙන් පසු දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසී ඒ ගැන සාකච්චා කල බව ‘ද හින්දු’ පුවත්පත් වාර්තාවක දැක්වෙයි.

අගමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා උපුටමින් මේ බව එම පුවත්පත විසින් වාර්තා කර තිබේ.

මෙම ස්මාරකය කඩා දැමීම නිසා දකුණු ඉන්දියාව කලබල ඇතිවනු ඇතැයිද මහ කොමසාරිස්වරයා එහිදී පෙන්වා දී ඇත.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා වහා ක‍්‍රියාත්මක වූ බවත් පසුව එම ස්මාරකය යලි ඉදිකිරීම සදහා විශ්ව විද්‍යාලයේ උපකුලතිම පැමිණ මුල්ගල තැබූ බවත් එහි තව දුරටත් දැක්වෙයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *