Sex කියන්නේ Jumbo Peanuts නෙමෙයි.!බදාගන්න නෙමෙයි බෙදාගන්න පුරුදුවෙන්න..!

Forbes සඟරාව විසින් නිකුත් කරපු ලිපියක සදහන් වෙනවා sex වලදි අඩුවෙන්ම සුරාන්තයකට පත් වෙන්නේ විශමලිංගික සම්බන්ධතා ඇතුලේ ඉන්න කාන්තාවන් කියලා.


ඒක ඇත්තටම පුදුම වෙන්න ඕනේ කාරණයක් නෙමෙයි.

ගොඩක් වෙලාවට, ගැහැණියක් සුරාන්තයකට පත් වෙනවා කියන්නේ මොකද්ද කියලාවත් පිරිමි දැනුවත් නැහැ.. එහෙම දැනුවත් උනත්, ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දැනීමක් ඇත්තෙම නැති තරම්.

පිරිමි තියා, සමහර වෙලාවට කාන්තාවන් පවා තමන්ගේ ශරීරය පිලිබඳව හරිහැටි අවබෝධයක් නැහැ.. sex කියන්නේ සංසර්ගය යෙදීම පමණයි කියලා හිතන් ඉන්න කාන්තාවන් අපේ වගේ රටවල් වල බහුලයි.

Sex කියන ක්‍රියාව හැම වෙලාවකම ‘give and take’ මත සිදු වෙන්න ඕනෙ කියලා මම හිතනවා.. ඒ තරාදිය සමාන වන තරමට, ලිංගික ජීවිතයේ සතුට දෙදෙනාටම උපරිමයෙන් විඳින්න පුලුවන් වෙනවා. අනිත් කෙනාගෙ pleasure points මොනාද, විශේෂයෙන්ම කාන්තාවකට තෘප්තිය ලැබෙන දේවල් මොනවද කියන එක ගැන තමන්ගේ සතුට හා සමානවම හිතනවා නම්, ඒ තුලින් තමන්ටත් වෙනදාට වඩා සතුටක්, ආස්වාදයක් ලබන්න පුලුවන් වෙනවා.

orgasm during sex
Sex කියන්නේ තව දුරටත් විනාඩි 15ක්, 20ක් සංසර්ගයේ යෙදී සුරාන්තයකට පත් වීම නොවී, නැවුම් ලිංගික අත්විදීම් ලබන ක්‍රියාවක් බවට පත් වෙනවා. ඒ තුලින් සිද්ධ වෙන්නේ sex කියන එක ගවේෂණයක් බවට ඉබේම පත් වීම. අලුත් අත්දැකීම්, අලුත් ඉසව් සොයා යන්න හිතෙන එක.

කාන්තාවක් සුරාන්තයකට පත් කරන්න නම් ඇයගේ ලිංගික අවයව ගැන දැනුමක්, ලිංගික තෘප්තියක් ඇයට දැනෙන්නේ කොයි ආකරයෙන්ද කියන කාරණා ගැන නිසි වැටහීමක් තිබීම වැදගත්.

පිරිමියෙක් ට වඩා කාන්තාවකට සුරාන්තයකට පත් වෙන්න කාලය ගත වෙනවා.. සංසර්ගය යෙදීම විතරක් එයට ප්‍රමාණවත් වෙන්නේ නැහැ.. ඊට කලින් ඇය ලිංගිකව උද්දීපනයක් ලබන්න (wet වෙන්න) අවශ්‍යයි..

එහෙම වෙන්න නම්, සංසර්ගයේ ‍යෙදෙන්න පෙර ‘foreplay/ make out’ විශාල වශයෙන් උදව් වෙනවා.. ගොඩක් වෙලාවට කාන්තාවකට sex වලදි සුරාන්තයකට පත් වෙන්න බැරි වෙන්නේ මේ කිසි දේකින් තොරව සංසර්ගයේ පමණක් යෙදෙන්න පිරිමින් sex තුලදි පෙලඹෙන නිසයි.


කසාද ජීවිතවල ඉන්න ගොඩක් කාන්තාවන්, තමන්ගේ ස්වාමියාව සතුටු කරනවා ඇරෙන්න, තමන්ගේ සතුට ගැන සම්පූර්ණයෙන්ම නොසලකා හරිනවා.. orgasm gap කියන තත්වයට ප්‍රධානතම හේතුව තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් ගැන එකිනෙකා අතර කතාබහක් ඇති කර නොගැනීමයි.



මම පෞද්ගලිකව හිතනවා sex කියන්නේ හැම මනුස්සයෙක්ටම තියෙන ප්‍රධානතම ආසාව කියලා. හැබැයි, ඒක විඳින්නේ කොයි ආකාරයෙන්ද, ඒ හරහා ආසාවේ තරම, ගැඹුර වෙනස් වෙනවා. ඕනෑම දෙයක් විඳින්න දන්නවද කියන එක උඩයි ඒ තුලින් වින්දනයක් ලබනවාද කියන එක තීරණය වෙන්නේ.


mh orgasm1shutterstock 354518918 1496173681
යම්කිසි කාන්තාවක් ශරීරය නිරාවරණය කෙරෙන කොට ගවුමක් ඇදන් යනවා නම්, ඒ ලස්සන, සුන්දරත්වය පාඩුවෙ විඳින එකයි, එහෙම ඇන්දේ ඇයි කියලා බනින එකයි තමයි දෙයක් විඳින්න දන්න එක සහ නොදන්න එක අතර තියෙන පැහැදිලි වෙනස.

‘මටත් ඒ වගේ කාන්තාවක් විඳින්න තිබුනා නම්’ කියලා ඇති වෙන ආසාව, බනින, නොබනින හැමෝටම පොදුයි.

හැබැයි, ඒ හා සමානවම ඇයට ආස්වාදයක් ලබා දෙන්නත් ආසාව තිබිය යුතුයි.

තමන්ගේ ශරීරය ගැන ඉගෙන ගන්න, තමන්ගේ සහකාරියට/ සහකරුවාව සතුටට පත් කරන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් වෙන්න.

ලිංගික ජීවීතේ සතුට උපරිම විඳින්න නම් බෙදාගන්න ඕනේ, බදාගත්තාට වැඩක් නෑ, sex කියන්නේ jumbo peanuts නෙමෙයි!



(සටහන -ශේනි විජේසුරේන්ද්‍ර)
(උපුටා ගැනීම – Faculty of Sex)

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *