වහාම රංජන්ව මැතිසභයට කැදවන්න..! ආණ්ඩුවේ බාධා මැද සජිත් ප්‍රමුඛ විපක්ෂය දැඩි සටනක..!

පාර්ලිමේන්තුව ආරම්භ වූ අද (19) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට නොකැදවීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

විපක්ෂනායකවරයා එහිදී පෙන්වා දුන්නේ මැතිවරණ කොමසාරිස්වවරයා පැහැදිලිවම රන්ජන්ගේ අසුන මාස 6ක් යන තෙක් අහෝසි නොවන බව පෙන්වා දුන් බවකි.

එමෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 66, 89, 91,105 වගන්තිවලට අනුව රන්ජන්ගේ මන්ත්‍රීකම කිසිසේත්ම අහෝසි නොවන බවත්, රන්ජන් වෙනුවෙන් සියලු නීති ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් එහිදී සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *