හිට්ලර්ටයි චැප්ලින්ටයි උඩු රැවුලක් තිබුණට මම නන්දසේන මහතාව එයාලට සමාන කළේ නෑ – හරීන්

තමා අද සිට රන්ජන් රාමනායකට සාධාරණය ඉටු වෙනතුරු පාර්ලිමේන්තුව තුළ කළු සාටකයක් මගේ ජීවිතයේ පාර්ලිමේන්තු කාලය තුළ පළදින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව පැවසූවේ අද පාර්ලිමේන්තුවේදී පැවැති කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හිරේ ගියාට වැඩිපුරම කෑගැහුවේ කෙනා ඊයේ දිනයේ දැකගත බවත් ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මොකටද ප්‍රසිද්ධ කියා ලංකාවම දන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.

“මේ සාටකය අදින්නේ තමන්ගේ පවුලේ බලය පෙන්වන්න නෙමේ. අඳුර මැදින් එළිය එනවා කියන එක” යැයි මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම උඩු රැවුලක් සහිතව ලොවම භීතියට පත්කළ හිට්ලර් මෙන්ම ලොවම හ්නස්සු චාලි චැප්ලින් අද දක්නට ලැබෙන බවද ඔහු සඳහන් කළේය.

එනමුත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාව එම දෙදෙනාට සමාන නොකළ බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *