විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය ගැන වෘත්තීය සමිති සහ ඇමති අතර සාකච්ඡා

විදුලි වෘත්තීය සමිති සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ.

ඊයේ (12) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී එම සාකච්ඡාවක් පවත්වා ඇති  අතර ඊට ලංකා විදුලි බලමණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සහභාගී වී ඇති බව වාර්තා වේ.

ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදි වෘත්තීය සමිති නියෝජිතයන්ට දීර්ඝ පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.

ඊට අදාළව අමාත්‍යවරයා ඉදිරිපත් කළ  ඇතැම් කරුණු සම්බන්ධයෙන් වෘත්තීය සමිති සිය එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.

ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ගවලදී වෘත්තීය සමිතිවල යෝජනා විමසීක් සිදුකරන ලෙස එහිදි වෘත්තීය සමිති නියෝජිතයින් විසින් අමාත්‍යවරයාට ඉල්ලීමක් ද සිදුකර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *