ශ්‍රි ලංකා යොවුන් ටෙස්ට් ක්‍රීඩකයා ක්‍රිකට් නිළධාරිණියක් සමග ලිංගිකව එක්වී මාට්ටූ.!

ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් අත් කර දෙමින් අවසන් වූ ගාල්ල ටෙස්ට් තරගය අතරතුර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සිදුකළ දැඩි විනය විරෝධි ක්‍රියාවක් වාර්තා වෙනවා.

එනම් තරගය අතරතුර දග පන්දු යවන මේ යොවුන් ක්‍රීඩකයා කණ්ඩායමට සම්බන්ධ කාන්තා නිළධාරිනියක් සමග රාත්‍රීයේ බීමත්ව ලිංගිකව එක්වී කණ්ඩායම් කළමණාකාරීත්වයට හසුව තිබේ.

මෙය දැඩි විනය නීති කඩකිරීමක් මෙන්ම කොවිඩ් 19 හේතුවෙන් පනවා තිබෙන ජෛව ආරක්ෂණ බුබුල නීති කඩකිරීමක්ද වනවා.

තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුට මෙවන් සිදුවීම් වල නියැලීම තහනම් අතර තරගයක් අතරතුර මෙවන් සිදුවීම් දැඩි වරදක් වනවා. කෙසේ වෙතත් වාර්තා වන්නේ එම නිළධාරිණිය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිළධාරීන් සමග ඇති දැඩි සබදතා නිසා මෙම සිදුවීම විනය පරීක්ෂණයක් නොකරම යට ගැසීමට උත්සාහ කරන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දිගින් දිගටම මෙවැනි විනය විරෝධි හැසිරීමක නියැළෙන අතර මෙය කණ්ඩායම තුල ඉතා සුලභ සිදුවීමක් බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙවැනි සිදුවීම් දෙස වගකීමකින් කටයුතු නොකිරීම නිසා ක්‍රීඩකයන්ගේ මෙවැනි විනය විරෝධි හැසිරීම් උත්සන්න වී තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *