නැගෙනහිර පර්යන්තය නොරටුන්ට දීම මගේ ප‍්‍රතිපත්තිය නොවේ..- මහින්දගෙන් ප්‍රහාරයක්..!

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිම ලෙසකින් වෙනත් පාර්ශ්වයකට අයිතියට නතු කිරීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජාතික සම්පත් නොරටුන්ට විකිණීම පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නොවන බව තමන් දැඩිව අවධාරණය කරන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන සති අන්ත පුවත්පතක් කළ විමසීමකදීය.

මෙරට ජාතික සම්පත් විකුණමින් අනාගත පරම්පරාවේ උරුමය අහිමි කරන්නට කටයුතු කළේ එක්සත් ජාතික පක්ෂ සහ යහපාලන ආණ්ඩු මිස තමන්ගේ ආණ්ඩු නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *