රට සුරකිනවා කියු ජනපති නන්දසේනගේ ආණ්ඩුවත් රණවිරු දඩයමක..! මේජර් අජිත් ප්‍රසන්න..!

වත්මන් ආණ්ඩුවද රණවිරු දඩයමක් සිදුකරන බවත් ඊට හොඳම උදාහරණය තමන් සිරගතව කිරීම බවත් විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.

රණවිරු දඩයමට එරෙහිව යාන්ත‍්‍රණයක් සැකසීමට වත්මන් ආණ්ඩුවටද නොහැකි වූ බව ඔහු කියා සිටියි.

තමන් සිරගත කිරීම සැලසුම් කලේ වත්මන් රජයේ ප්‍රධානියෙකුගේ අනුදැනුම මත නීතිපති දෙපාර්තමේන්තුව සහ රහස් පොලිසිය බවද ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

රාජපක්ෂලා විසින් තමන්ව කොටු කළා කියන යැයි කීම වැරදි බවත් පවසන ඔහු තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඉතා හිතවත් බවත් තමන් සමග නිවසේ දී යට ඇඳුම පිටින් පවා කතා කර ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *