තුනෙන් දෙකක් තිබුනට රට හදන්න බෑ..! රජය ඇනගෙන ඉන්නේ…! අලි සබ්‍රි

තුනෙන් දෙකක බලයක් ලබා ගත් සෑම රජයක්ම වගේ බැලූ බැල්මට ඇනගත් බවත් ඒ යථාර්ථය ද වත්මන් රජය මුහුණ දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.

2/3 බලයක් ලැබූ පමණින් ගැටළු විසඳිය නොහැකි බවත් ඒ වෙනුවෙන් තාර්කික පැහැදිලි සැලසුමක් ඇතිව වැඩ කළ යුතු බවත් ඔහුගේ අදහසයි.

පසුගිය රජයන්වල තුනෙන් දෙක ලැබුන බොහෝ අවස්ථාවල නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නො හැකි වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.

බලය කළමණාකරන නොගතහොත් අවසානයේ නැවතත් ජනතාවට මුහුණ දිය යුතු බවද ඔහු පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *