දයාසිරි එජාපයට..!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට මේ වන විටත් සිය දේශපාලන ජීවිතයේ ඉතාමත් කටුක උග්‍රතම දේශපාලන කුණාටුවට මුහුණ දීමට සිදුව ඇති බව අපට වාර්තා වේ.

තම තනතුර අහිමි කිරීමට එරෙහිව සිරිසේන පාර්ශවයට අධිකරණය විසින් ලබාදුන් වාරණ නියෝගය අත්හිටු වීමත් සමගින් දයාසිරි ජයසේකර මහතාට විකල්ප කිහිපයක් පමණක් සිය දේශපාලන ජීවිතය වෙනුවෙන් ඉතිරිව ඇත

ඉන් පළමුවැන්න වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දණ නමා පරාජිතයකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැඳී සිටීම ය.

අනෙක් කාරණාව වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව විමල් වීරවංශ ඩලස් අලහප්පෙරුම වැනි විකල්ප වාමාංශික කදවුර සමඟ එකතු වීමය. එහෙත් ඔවුනට ද ද වැලේ වැල් නැතිව සිටින අවස්ථාවක ජයසේකර මහතා එම කදවුරට එක්වීමට තීරණය කලහොත් එය ඔහුගේ දේශපාලන ජීවිතයේ අවසානය වීමට නියමිතය.

අනෙක් අතින් සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ආරක්ෂා කර ගැනීමේ උග්‍ර සටනක නිරත වෙමින් සිටින මේ මොහොතේ දයාසිරි ජයසේකර සජබයට ගියා කියා වෙනසක් නැත. ඒ මන්දයත් ඉදිරි ජනාධිපතිවරණය කැඳවූ විගස සජබ බහුතරයක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය සමගින් එකතු වීමට නියමිත බව සියල්ලෝම දන්නා ප්‍රසිද්ධ රහසකි.

ඒ අනුව දයාසිරිට එක්සත් ජාතික පක්ෂයට එකතු වනවා හැරෙන්නට මේ වන විට වෙන කිසිදු විකල්පයක් ඉතිරිව නොමැති බව අවසාන වශයෙන් සඳහන් කල හැක.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *