පොහොට්ටු ලේකම්ට මන්ත්‍රිකම ලැබුණේ බැල මෙහෙවර කරලා මිසක් ජන බලයෙන් නෙමෙයි..! විමල්..!

මොන ප්‍රහාරයට ලක් වුවද රට ජාතිය වෙනුවෙන් දරන ස්ථාවරය හා ගන්නා ක්‍රියාමාර්ග අබමල් රේණුවක තරම්වත් වෙනස් නොකරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

තමන් කරන ප‍්‍රකාශයන් ගැන කණගාටු වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා සඳහන් කර තිබුණද ඔහුට කනගාටුදායක වූවාට තමන්ට ප්‍රශ්නයක් නැතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

සති අන්ත ලංකාදීප පුවත්පත සමග ඇමතිවරයා මෙසේ අදහස් පළ කර ඇත.

‘අපට ප‍්‍රශ්නයක් නැහැ එයාට කනගාටුදායක උනාට. මට ප්‍රශ්නයක් වෙන්නේ අප ගන්නා ක්‍රියාමාර්ගවලින් රටට ජනතාවට කණගාටු හිතෙනවා නම් තමයි. ඒක විතරයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ.

ජාතික ලැයිස්තුවෙන් ඇවිත් මන්ත්‍රීකම් ගත්තු අයට තේරෙන්නේ නෑනේ ජනවරමේ අභිලාෂයන් ආරක්ෂා කිරීමේ උත්තුංග වැදගත්කම. ඒවා ඒගොල්ලන්ට දැනෙන්නෙ නැහැ.

ඒ ගොල්ලො කාට හරි බැලමෙහෙවරකම් කරලා ඒකට දැන් ලැබුණු තෑග්ගක් තමයි ඔය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය’

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *