අපි දෙන්නම ආසයි පසිඳු මල්ලිව බඳින්න..!අනුයි කනුයි කියයි..!

අපේ කළා ක්ෂේත්‍රයට එකතු වුන නවක රංගන ශිල්පිනියක් දෙදෙනෙක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ. දක්ෂතා වලින් පිරුණු මේ සුන්දර තාරකවියන් දෙදෙනා අද වෙනකොට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. පිණි මුතු සහ නිල් නෙතු කියන චරිත හරහා මේ දෙදෙනාව අපට හමුවන්නේ මල් පිපෙන කාලේ ටෙලිනාට්‍ය හරහායි. මේ කතාවෙන් සැබෑ ජිවිතේ වගේම අක්කයි නංගියි විදියට තමයි දෙන්නම රංගනයේ යෙදෙන්නේ.

මේ දෙන්නගෙම රුව කිසිම වෙනසක් නැතුව එකවගේ වීම ගොඩක් විශේෂයි. ඒ විතරක් නෙවෙයි දෙන්නම හිතන පතන විදියත් එක වගේමයි. ලංකාවේ ලස්සනම නි, වුන් සහෝදරියන් දෙදෙනා කිව්වොත් හරි. මීට වඩා ලස්සන අයත් ඉන්නවා ඇති, හැබැයි අපි දැනට දැකලා තියන විදියට නම් මේ අක්කයි නංගියි ගොඩක් ලස්සනයි. අක්කා තමයි අනුශ්කි කියන්නේ නංගි කනුශ්කි, රුපවාහිනියේ වගේම සෝෂල් මිඩියා වලත් ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න චරිත දෙකක්.

අනුශ්කි සහ කනුශ්කි චරිත දෙකක් ඔස්සේ මුලින්ම අපිට දකින්න ලැබෙන්නෙත් මල් පිපෙන කාලේ ටෙලිනාට්‍ය හරහායි. මේකෙත් අක්කගේ සහ නංගිගේ චරිත දෙකක් කරන නිසා හැමෝම ඒකට ආසයි. කතාවේ අනුශ්කි ඒ කියන්නේ අක්කා තමයි නිල්නේතු, නංගි කනුශ්කි තමයි පිණි මුතු විදියට ඉන්නේ. රංගනයට අමතරව නර්තනයත් මේ දෙන්න කරනවා. ඊට අමතරව දෙන්නම එකතු වෙලා ලස්සන ෆොටෝ ෂූට් කිහිපයකුත් පසුගිය දවස් වල කරලා තිබුනා. රංගන කටයුතු වල යෙදුනත් දෙන්නගෙම බලප්රෝතුව වෙලා තියෙන්නේ නර්තන අංශයෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරියන් වීම.

පුවත්පත් සාකච්චාවකදී මේ දෙන්නම කියලා තිබුනේ අපි දෙන්නම ආසයි පසිඳු මල්ලිව බ, ඳින්න කියලා, පසිඳු මල්ලි තමයි ජිවිතේ අපිට එයාව හීනෙනුත් පේනවා කියලා. හැබැයි මේක ඇත්ත ජීවිතේට අදාළ කතාවක් නෙවෙයි රඟපෑම් වල කරන දෙයක් ගැනයි කියලා තිබුනේ. ඒ වගේම ඇත්තටම දෙන්නට එක්කෙන්ට ආදරේ කරන්න හිතුනොත් මොකක්ද කරන්නේ කියලා ඇහුවම අක්කා අනුශ්කි කිව්වා නංගිට අවස්තාව දෙනවා කියලා. දෙන්නගෙම පෙනුම වගේම දෙන්නාගේම සිතුම් පැතුම් එකවගේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *