ජනපති නන්දසේන නිදිද..? දෙවනගල ඩෝසර් කරනවා..! විහාරාධිපති හිමියෝ මාධ්‍යයට කියයි

රජය මැදිහත් වි මායිම් නිරවුල් කිරිම සඳහා ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ පළමු මැනුම සිදු කිරිමෙන් පසු සිටුවන ලද සීමා මායිම් කණු රැුසක් ගලවා එහි ඉඩමක් බලහත්කාරයෙන් බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන ඩ්‍රෝසර් කිරිමේ සිද්ධියක් දින කිහිපයක් තිස්සේ සිදු වි ඇති බව දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ මාධ්‍ය වෙත පැවසිය.


දෙවනගල රජමහ විහාරයේ පුරාවස්තු විනාශය සහ ඉඩම් අක‍්‍රමණය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පවතින ගැටලූවට විසදුමක් ලෙස රජය මගින් රුපියල් එක්ලක්ෂ අසුපන්දහස් තුන්සිය හැට හයක් වැය කොට මිනින්දොරු අධිකාරිය හරහා දෙවනගල අක්කර 85 ක ඉඩම් වපසරියක් ඉපැරණි පිඹුරුපත් අනුව මැනුම් කටයුතු අවසන් කරන ලද්දේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදිය.

එම ඉඩම් මැනිමේදි සීමා කණු සිටුවන ලද අතර ඒ සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම් රැුසක් රජයේ නිලධාරින් හරහා මෙන්ම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි සහ පොලිසිය මගින්ද අවස්ථා කිහිපයකදිම සිදු කරන තිබුණි.

සීමා කණු ගැලවිම් සහ මැන අවසන් කරන ලද ඉඩම් කොටසේ මුඩු ඉඩම් වල කිසිදු ඉදිකිරිමක් හෝ සංවර්ධන කටයුත්තක් රජය මගින් අවසන් තීන්දුවක් දෙන තෙක් සිදු නොකරන ලෙස ජනතාව දැනුවත් කර තිබු පසුබිමක මිට දින කිහිපයකට කලින් සිට මැනුම් අවසන් කර සකස් කල සීමා මායිම් කණු රැුසක් ගලවා ඇත. එමෙන්ම විහාරස්ථානයට අයිති වු මුඩු ඉඩමක් බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කරන බවට තොරතුරු අනාවරණය විමත් සමග දෙවනගල භාරකාර ස්්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වෙත කරුණු අනාවරණය වි ඇත. ඒ අනුව උන්වහන්සේ 2021 පෙරවාරි 12 වැනි දින එම ස්ථානයට පොලිසිය සහ ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි මහතා සමග යන විට සංවිධානාත්මකව මෙම කටයුතු සිදු කර පිරිස බැකෝ යන්ත‍්‍රය එම ස්ථානයෙන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු කර ඇත.

පොලිසිය සමග ස්වාමින් වහන්සේ ග‍්‍රාම නිලධාරින් සහ විහාරස්ථානයේ දායකයන් එක්ව ඒ අවට ඉඩම් වල පසුගිය පළමු මැනුමේ සීමා මායිම් කණු සිටුවා ඇති ස්ථාන පරික්ෂාවට ලක් කරන අවස්ථාවේ සීමා කණු රැුසක්ම ගලවා ඇති බව දැක ගැනිමට හැකි වි ඇත.

සංවිධානාත්මක පිරිස් මෙන්ම අන්තවාදි කොටස් විසින් නිරන්තරයෙන් දෙවනගල ගැටලූ රැුසක් ඇති කිරිමට සිදු කරන මෙම ක‍්‍රියා සම්බන්ධයෙන් දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්නේ. රජය විශාල මුදලක් වැය කර මෙම සීමා කණු සවි කලත් ඒවා ගලවා දැමිම සහ බැකෝ යන්ත‍්‍ර යොදා ගෙන එම සීමා මායිම් වලින් ඇතුලතට පැමිණි මුඩු ඉඩම් බැකෝ යොදා ගෙන ඩ්‍රෝසර් කිරිම වෙනුවෙන් මාවනැල්ල පොලිසියේ නිතීය ක‍්‍රියාත්මක විම ගැන සතුටුදායක විය නොහැකි බවයි. විහාරස්ථාන බිමේ බොහෝමයක් සංවර්ධන කටයුතු වලදි පොලිසිය ඊට අතපෙවිම් සිදු කලත් මෙලෙස සිදු වන මහා පරිමාණ නිතී විරෝධි ක‍්‍රියා සම්බන්ධයෙන් අවශ්‍ය නිතීමය කටයුතු සිදු නොකිරිම ගැන රජයේ උසස් වගකිව යුතු නිලධාරින්ගේද අවදානයට යොමු විය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.

ඒ අනුව 2021 පෙබරවාරි 13 වැනි දින ගලවා ඉවත් කරන ලද සීමා කණු පොලිසිය සහ ග‍්‍රාම නිලධාරි මෙන්ම භාරකාර මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් සහ දායක සභාව එක්ව නැවත ඒවා සකස් කරන අවස්ථාවේදි පවා සංවිධානාත්මක පිරිස් වලින් ඊට දැඩි විරෝධයක් එල්ල විය. මෙලෙස සීමා කණු ඉවත් කිරිමෙන් පසුව නැවත වතාවක් මෙම ගැටලූව විසදිමට නොහැකි තැනට පත් කිරිමට මෙම සංවිධානාත්මක පිරිස් උත්සාහ කරමින් සිටින අතර මේ සඳහා කඩිනම් විසදුමක් ගැනිමට නොහැකි වුවහොත් මේ ජාතික උරුමය අනාගතයේදි බරපතල අර්බුදයකට පත් විම වලක්වා ගත නොහැකි වනු ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන්.

මම මේ උරුමය රකින්නේ මට අරන් යන්න නෙවෙයි. අනාගතයට මේවා ආරක්ෂා කර දිමටයි. දන්ත ධාතුන් වහන්සේ එක් වරක් වැඩ සිටි මේ රට පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඓතිහාසික දෙවනගල පුදබිම සම්බන්ධයෙන් මාධ්‍යමගින් හෙළිදරව් රැුසක් කිරිම හරහා රජයේ අවදානය මේ වෙත යොමු වුනා. ඒ අනුව අක්කර 85 ක් මැන අවසන් කලා. දෙවැනි මැනුම පුදබිමට අවට සිදු කිරිමට සුදානම් කර ඇති මොහොතක දැනට මාස කිහිපයක සිටම සංවිධානාත්මක පිරිස් විසින් පළමු මැනුමේ සීමා කණු ගැලවිම් බැකෝ යන්ත‍්‍ර යොදා ගෙන විවිධ සංවර්ධන කටයුතු සිදු කිරිමට ගත් උත්සාහයන් රැුසක් වාර්තා වුනා.

පන්සලේ පොලිස් මුර පොලක් තියෙද්දි තමයි මේ සියලූ කටයුතු සිදු වෙන්නේ පෙබරවාරි 08 වැනිදා පන්සලේ නාමපුවරුව සංවිධානාත්මක පිරිස් විනාශ කලා. නැවත වතාවක් විහාරස්ථානයට හිරිහැරයක් සහ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස කැමරා පද්ධති සවි කරලා තියෙනවා. ඒවා ගැන නිතීය ක‍්‍රියාත්මක විම ගැන සතුටුදායක මට්ටමක නැහැ. මාව අපවත් කරන තැනටම මාගේ ආරක්ෂාව අද වන විට තර්ජනයක් වේලා. විහාරයේ සංවර්ධනයක් කලොත් ඒ ගැන පොලිසිය නිරන්තරයෙන් සොයා බලනවා. නමුත් සංවිධානාත්මක පිරිස් විසින් සිදු කරන ක‍්‍රියා එලෙසින්ම පවතිනවා. රජයේ මුදල් වියදම් කර මැන අවසන් කර සවි කල සීමා කණු රැුසක් ගලවා තිබෙනවා. මම පැමිණිල්ලක් කලෙත් නැහැ. අවස්ථා කිහිපයකදිම මේ ස්ථානයට හමුදා ආරක්ෂාව දෙන්න කියලා ඉල්ලිමක් කලා නමුත් ඉතුරු පුරාවිද්‍යා වටිනාකම් සියල්ලත් විනාශ වෙනකම් ඒ ගැන අවදානය යොමු නොවෙයිද කියලාත් ගැටලූවක් තියෙනවා.

මිට දින කිහිපයකට කලින් සිට සිදු වන සිදු විම් ගැන මම පැමිණිලි නොකලේ මෙවැනි සිදු විම් සිදු වන වනවානම් ඒ ගැන පැමිණිලි කිරිම ග‍්‍රාම නිලධාරින් සහ මේ සම්බන්ධයෙන් සොයා බලන නිලධාරින් වගිකිමක් වන නිසායි. ඒ බව පසුගිය කාලයේ පැවැති රැුස්විම් කිහිපයකදිම මාව දැනුවත් කර තිබුණේ ඒ විදිහටයි. තාම පළමු මැනුමෙන් අයිති වන ඉඩම් වලට මොකද වෙන්නේ කියලා රජය මගින් අවසන් තීන්දුවක් දිලා නොමැති බවද උන්වහන්සේ පැවසිය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *