මගුලට 50යි: අවමගුලට පැය 24යි: අලුත් කොරෝනා නීති අද එළියට

වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පවත්වනු ලබන උත්සව, අවමංගල උත්සව සහ රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටී.

ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී විමට අවසර ලබාදී තිබු අමුත්තන් 150 ක සංඛ්‍යාව 50ක් දක්වා අඩු කිරිමටත්, අවමංගල උත්සවයක් පැය 24 කින් පවත්වා අවසන් කිරිමටත් තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

පසුගිය දින කිහිපය පුරාවට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනය සැලකිල්ලට ගනිමින් ලබාදී තිබු ලිහිල් සීමාවන් දැඩි කිරීමට පියවර ගත් බවට සඳහන් කළ අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද දිනයේදී නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද කියා සිටියාය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *