කොරෝනා පාලනය Fail වුනොත් නන්දසේන ගෝඨාභයට සෙරෙප්පු මාල දාන දවස වැඩි ඈතක නෑ…

පවතින තත්ත්වය මත රටේ සම්පූර්ණ වශයෙන් වසා දැමීමක් සිදු නොකළහොත් රටේ බොහෝ ප්‍රදේශ කොටස් වශයෙන් වැසී යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට පවතින තත්ත්වය අනුව ආසාදිතයන් වැඩිපුර වාර්තා වන ප්‍රදේශයෙන් ප්‍රදේශය වසා දැමීම අනුව ඉදිරියේ දී රටේ වැඩි ප්‍රදේශයක් වසා දැමීමට සිදු වනු ඇතැයිද සංමය සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඉන්දියාවේ කොරෝනා පාලනය කිරීම අසාර්ථක වීම නිසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිට සෙරෙප්පු මාල දැමූ ආකාරයටම අපේ නායකයන්ට ද සෙරෙප්පු මාල දාන වැඩි දිනය වැඩි ඈතක නැති බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *