ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත බවට සැක පුද්ගලයෙක් වැල්ලම්පිටියෙන්…!

ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත බවට සැක පුද්ගලයෙක් වැල්ලම්පිටියෙන් හමු වේ.
ඔහු බොරැල්ල ඇගළුම්කහලක සේවකයෙක්.


කොරෝනා ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත ව ඇති බවට සැක පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප‍්‍රදේශයෙන් හමු වී තිබේ.

වයස අවුරුදු 38 ක් වන ඔහු බොරැල්ලේ ඇගළුම්කම්හලක සේවය කරන අයෙකු බව පැවසේ.
අදාල ආසාදිතයාගේ පළමු පෙළ ආශ‍්‍රිතයන් හදුනා ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවසේ.

මුලින්ම දෙමටගොඩ ප‍්‍රදේශයෙන් ඩෙල්ටා ප‍්‍රබේධය ආසාදිතයෙකු වාර්තා වූ අතර පසුව මාදිවෙල සහ කහතුඩුව යන ප‍්‍රදේශවලින් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් වාර්තා විය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *