වසන්ත නිදහස් කළාට එරෙහිව නීතිපතිගෙන් අයදුම්පතක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ  කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළ බවට පවරා ඇති නඩුවකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කර තිබේ. 

වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් 2023 ජනවාරි 31 දින ලබා දුන් නියෝගය ඉවත් කරන ලෙස මෙම ප්‍රතිශෝධන අයදුම්පත්‍රය හරහා නීතිපතිවරයා ඉල්ලා සිටී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයකු නිදහස් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලයක් නොමැති බව නීතිපතිවරයා කියා සිටියේය.

නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට පෙර මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු නිදහස් කළ බව නීතිපතිවරයා වැඩිදුරටත් පැවසීය. මාස පහක් සිරගතව සිටි වසන්ත මුදලිගේ නඩුවෙන් නිදහස් කිරීමට ජනවාරි 31 වැනිදා නියෝග කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *