යුගදනවි ඩීසල් බලාගාරයේ 51% ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණීමේ සූදානමක්..!

ඩීසල් විදුලි බලාගාරයක කොටස්වලින් 51% ක කොටස්, ඇමරිකානු සමාගමකට විකිණීම සදහා අනුමැතිය ඉල්ලා, මුදල් අමාත්‍යංශය මගින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.

ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඞ් ආයතනය සතු කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් පවර් ආයතනය මගින් යුගධනවී ඩීසල් බලාගාරය කළමණාකරණය කරනු ලබයි.

යුගධනවී ඩීසල් බලාගාරයේ කොටස්වලින් 23.9% ක් සේවක අර්ථ සාධක අරමුදල විසින් මිලදී ගෙන ඇති අතර එම කොටස් ප‍්‍රමාණය ඇමරිකානු සමාගමට විකිණීම සේවක අර්ථසාධක අරමුදල විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

එම හේතුව මත, අදාල ඩීසල් විදුලි බලාගාරයේ කොටස්වලින්, භාණ්ඩාගාරය සතුව තිබෙන 51% ක කොටස් ඇමරිකානු සමාගම සදහා විකිණීමට රජය තීරණය කර තිබේ.

යුගධනවී ඩීසල් බලාගාරයේ කොටස්වලින් – සේවක අර්ථසාධක අරමුදල සතු 23.9% ක කොටස් – ඇමරිකානු සමාගමට අලෙවි කිරීමට උත්සාහ කළ මුල් අවස්ථාවේ දී ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ඊට දැඩි ලෙස විරුද්ධ වී ඇති අතර – ඔවුන් සිය විරෝධය විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට ලිඛිතව දැනුම් දී ඇති බව පැවසේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *