එන්න අපෙනුත් මල් ගන්න – දෙවොල පාමුල මල් ගොතනා මිනිසුන්ගේ කතාව (වීඩියෝ)

වැල්ලවත්ත මයුරා පති කෝවිල පාමුල සිට දෙවියන් වෙනුවෙන් මල් මාලා ගොතන මිනිසුන්ගේ ජිවන වෘත්තීය පවත්වාගෙන යාම අදවනවිට බොහෝ දුෂ්කරවී ඇති බව එම මල්කරුවන් පවසයි.


පවුලේ උරුමයෙන් පැවත එන මෙම කර්මාන්තයත් අද පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ තවදුරටත් පවත්වාගෙන යාම ගැටලුවක් වී ඇති බවයි සුමන නම් මල්කරු කියා සිටින්නේ.


”අපි බොහොම අමාරුවෙන් රස්සාව කරගෙන යන්නේ. සමහර වෙලාවට මල් නැහැ, නූල් නැහැ, පෙට්‍රල්, ඩීසල් නැහැ. එතකොට මල් ගේන්න අමාරු වෙනවා. දුක් මහන්සිවෙලා හරි අමාරුවෙන් අපි මල් ගේන්නේ. බොහොම අමාරුවෙන් ගෙනියන්නේ ජිවිතේ.”  


දෙවියන් පාමුළ සිට දෙවියන් වෙනුවෙන් මල් මාලා ගොතන, ජාති ආගම් කුළ බේදයකින් තොරව මයුරාපති කොවිල වැඳපුදා ගැනීමට යන කාහටත් මල්, කොහොඹ මාලා ගොතාදෙන මේ මිනිසුන්ගේ කතාව සනිටුහන් වූයේ මෙලෙසින්,  

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *