වැඩ කරපු අපිව රම්පෙ කරපිංචා කරලා, එදා වටේටම කේලම් කියපු තිස්ස අත්තනායකව අද කෘත්‍යාධිකාරි මණ්ඩල සභිකයෙක් කරලා.! රොඩ්නි ෆ්‍රේසර්ගේ සැර කතාවෙන් මහරගමින් සජිත් පරලවෙයි..!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ දේශපාලනය තුළ කෙතරම් අසාර්ථකද යන වග ඔහු සමඟ දේශපාලනයේ නිරත වන සමීපතමයන් දිනෙන් දින ඔහුගෙන් ඈත් වීම තුළ අපට නිගමනය කළ හැක. එදා ඔහු කොළඹින් මහ මැතිවරණයට ඉදිරිපත් වන විට ඔහු සමඟ සිටි සමීපතමයන් රැසක් මේ මොහොත වන විට ඔහු හැර ගොස් ඇත.

කොළඹ සමගි ජන ජන බලවේගයේ සංවිධායකවරුන් හැමෝම වනාහී සජිත් ගෙන කියන්නේ එකම කතාවකි.
වේදිකාවේ ඉන්න විට පණ දෙන්නට කතා කරන, දුරකථනයෙන් ඉතා ලබැදිව කතා කරන සජිත් ප්‍රේමදාස ක්‍රියාකාරී දේශපාලනය තුළ නම් කිසිවක් නොදන්න අන්ත අසරණ චරිතයක් බවයි. අපිට තේරෙන දේවල් ඒ මනුස්සයට නොතේරෙන්නේ කෙසේදැයි ඔවුන් හමුවු අවස්ථාවල එකිනෙකාගෙන් ප්‍රශ්න කර සිටී.

මරික්කාර් මුජිබර් වැනි කට හැකරයන් ඇරෙන්නට කොළඹ ඔහු වෙනුවෙන් කතා කරන්නට අන් කිසිවෙක් ඉතිරි වී නැත. සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් බහුතරයක් බලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ඔවුනට ඇරයුම ලැබෙන්නේ කවදාද කියාය.

සමගි ජන බලවේගයේ මේ දෙදරායාම පහුගිය දිනක පැවති මහරගම ආසනයේ බල මණ්ඩල රැස්වීමේදී ඉතා හොඳින් ජනතාවට නිරාවරණය විය. දක්ෂතා වලින් පරිපූර්ණ රංගන ශිල්පියකු මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුද වන ‌රොඩ්නි ෆ්‍රේසර් හට කුඩම්මාගේ සැලකිලි දැක්වූ සජිත් ප්‍රේමදාස හට වේදිකාව මතදීම අමතක නොවන සංග්‍රහයක් කරන්නට රොඩ්නි දෙපාරක් සිතුවේ නැත.

මාව එපා නං එපා කියන්න, ඔයාගේ සම්බන්ධීකරණ ලේකම් තනතුරු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක තනතුරු ඔය සේරම කටු ඔටුනු ඔළුවේ දාගෙන ඉන්න මාව ඔයාගේ කාර්ය මණ්ඩලයේ මිනිස්සුවත් දන්නෙ නෑ. අපිව එපා නං අපිට යන්න කියන්න. දේශපාලනය තිත්ත වෙලා තියෙන්නෙ මේ වගේ දෙකයි පනහේ වැඩ නිසා යනුවෙන් ප්‍රසිද්ධියේම සජිත් ප්‍රේමදාස හට අමතන්නට රොඩ්නි කටයුතු කළේ රැස්ව සිටී අල්ප ජනතාව මෙන්ම ජනරැලියේ සංවිධායකවරුන්වද භීතියට පත් කරවමිනි.

දැන් එක එක කයියෝ ඇවිල්ලා සජිත් සජිත් කිව්වට ඒ කාලෙ ඔය කයියන්ම තමයි සජිත්ට විරුද්ධව කේලම් කිය කිය ගියේ. තිස්ස අත්තනායකත් එහෙම තමයි. ඒ රොඩ්නි තිස්ස අත්තනායකට එල්ල කළ දැවැන්තම ප්‍රහාරයයි.

කෙසේ වෙතත් රොඩ්නි ෆ්‍රේසර්ගේ මේ ප්‍රහාරයත් සමග එක්සත් ජාතික පක්ෂය සමගින් සම්බන්ධ වන්නට සාකච්ඡා කරමින් සිටී සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා නගර සභා අපේක්ෂකයන් වෙත ධනවාදී උත්තේජනයක් ලැබී ඇති අතර ඔවුන් නුදුරේදීම එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වෙමින් ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට සූදානමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *