ජනපති නන්දසේනගේ ගෞරව සම්මානයේ වටිනාකම 38,500ක්ද..? ඇත්ත කතාව මෙන්න..!

ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව විසින් “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනැමීම පිළිබදව මේ මොහොත වන විට සමස්ත සමාජය තුලම දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

ජනතාව ආහාර හිගයෙන් පීඩාවිදින මොහොතක රජයේ ප්‍රබලයන් ජනතාවගේ හූ හඩවල් වලට ලක්වෙමින් පවතින මොහොතක එම රජයේ ප්‍රධානියා වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය විසින් ගෞරව සම්මාන පිරිනැමිම පිළිබදව දැඩි ජනතා අප්‍රසාදයක් මේ වන විට සමාජය තුල නිර්මාණය වී ඇත. කෙසේවෙතත් මේ ගෞරව සම්මාන කතන්දරය පිටුපස එක රටක් එක නීතියක් කොමිසමේ ප්‍රබයෙක්ද සිටිනා බව ප්‍රසිද්ධ රහසකි..

මේ අතරවාරයේ සමාජ මාධ්‍ය තුල සැරිසරන පොස්ටුවක් පිළිබදව ජනතාවගේ දැඩි අවධානයක් යොමුවී ඇත. එහි සදහන් ආකාරයට ඉහත ගෞරව නාමයන් රුපියල් 38500කට ලබාගත හැකි බව සදහන්. එම පෝස්ටුවේ උපුටාගැනීම පහතින්..

උපුටා ගැනීම..

දේශපුත්‍ර සහ දේශමාන්‍ය නම්බුනාම රුපියල් 40000 ට විකුණන්න කෝල් දෙන Ven Bengamuwe Nalaka Thero නැමති කාල කණ්ණියා. මේ වගේ උන් උතුම් බුද්ධ චීවරයටත් නිගාවක්.

මෙන්න ඒ් කතාව

අහන්නකො 😌
ඊයෙ ආවා කෝල් එකක්.. නොදන්න නම්බරේකිං 🌝
ලස්සන කෙල්ලෙක් වෙන්න ඇති කියලා ආන්සර් කරා 🤭
හෙලෝ
හෙලෝ ( ඇන්ටි කෙනෙක් 😏😒)
මේ අර සමරෙ ඇන්ඩ් සමරෙ වීඩියෝ වල ඉන්න මහත්තයද ?
ඔව් .කතා කරනවා..
මම කතා කරන්නෙ අහවල් පදනමෙන්
ආ ඔව් ඔව් කියන්න
මහත්තයා කලාවට සම්බන්ධයි නේද ?
ඔව් ඉතිං වීඩියෝස් නම් කරනවා..
ඔව් අපි බලනවා..
තැන්ක් යූ
මහත්තයා අපි සම්මාන උත්සවයක් තියලා සම්මාන දෙනවා.. ඒකට ඔබතුමාවත් තෝරගෙන තියනවා ..❤️🌝
ශා මරු නෙහ්. තැන්ක් යූ.. මොනවද සම්මාන ඉතිං
ම්ම්ම්ම් දේශශක්ති, දේශබන්දු, දේශකීර්ති, දේශමාන්‍ය
ආ ආ ඔව් ඔව් .. ඉතිං මොකද වෙන්න ඕනි ?
බෙංගමුවේ නාලක හාමුදුරුවො තමයි මේ සංකල්පය කරගෙන යන්නෙ සහ මූලිකත්වය දරන්නෙ..
ආ ආ හා.. ඉතිං
අපි හුඟක් ව්‍යාපාරිකයන්ට , කලාකරුවන්ට මේක දීලා තියනවා.. සමාජ සේවය කරන අයට එහෙම..
හා හා
හැබැයි මහත්තයා මෙහෙමයි ..

අපි මුදලක් අය කරනවා මේ සම්මානෙට..
ආ.. එහෙමද ? කීයක් විතරද ?
දේශමාන්‍ය එක 38500/= වගේ
දේශපුත්‍ර එක 40000/= වගේ
අම්මෝ එහෙමද ? ඒ මොකෝ සල්ලි ??
නෑනෙ මහත්තයා අපේ සම්මාන උළෙලට එන අයට කන්න බොන්න දෙන්න, සම්මානෙ හදන්න, BMICH එකට එහෙම ලොකු මුදලක් වියදම් වෙනවා.. ඒක ඔබතුමන්ලාගෙන්ම තමයි සපුරගන්නෙ.
ආනේ එහෙමද ?
ඔව්.. මහත්තයා මේක හුඟක් වටිනවා මොකද නමට ඉස්සරහින් දේශකීර්ති වගේ කෑල්ලක් වැටෙන එක. අනික මේක කරන්නෙ බෙංගමුවේ නාලක අපේ හාමුදුරුවොනෙ🌝
ඒක තමයි නේද ? හොඳයි මම හිතලා බලලා උත්තරයක් දෙන්නම් ✌️ පොඩි ප්‍රශ්නයක් තියනවා ඇහුවට කමක් නැද්ද ?
ප්‍රශ්නයක් නෑ මහත්තයා මොකද්ද ?
බෙංගමුවෙ නාලක කියන සිවුරක් දාගෙන ඉන්න කෙනා යටට අඳනයක් ඇඳගෙනද මේ වැඩේ කරන්නෙ 🤭🤔
Beep Beep Beep Beep Beep
කෝල් එක කට් කරා 🥺

Shashika Diyamantha Samare
Shashika Diyamantha

උපුටා ගැනීම අවසන්..!

සමාජ මාධ්‍ය තුල සැරිසරන මේ පෝස්ටුවත් සමගින් දැඩි ලෙස ජනතා අප්‍රසාදයට පත්ව සිටින වර්තමාන ජනාධිපතිවරයාද ඉහත ගෞරව සම්මාන ලබාගත්තේ 38500ක් ගෙවාදැයි යන්න සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස සාකච්ඡාවට ලක්වෙමින් ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *