නිකංම දෙන්න..! ඩොලර් රටටම යවන්න..! ලංකාවේ පුද්ගලික වෛද්‍ය උපාධි එපා..! ගුණරත්නම් තියරිය ඒකයි.! විරෝධතා කරනවලු..! පෙරටුගාමි අන්තරේ

රජය විසින් පුද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් පිහිටුවීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා සංවිධානය කරන බව එහි වර්තමාන කැඳවුම්කරු වන මධුෂාන් ඉන්ද්‍රජිත් නැමැත්තා පසුගියදා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පවසා ඇත.

තම මාතෘ පක්ෂය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පුද්ගලික වෛද්‍ය උපාධි ලබා දෙන විශ්ව විද්‍යාල වලට විරුද්ධ බවත් විදෙස් අධ්‍යාපණය සඳහා වැයවන මුදල් ඩොලර් ලෙස පිටරටට යෑම පිළිබඳව තමන්ට කිසිදු විරෝධයක් නැති බවත් ඔහු එම මාධ්‍ය හමුවේ දී සඳහන් කර ඇති බව අපට වාර්තා වේ.

විශ්වවිද්‍යාල නියෝජනය කරන ශිෂ්‍ය සංවිධානයක් ලෙස නොව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ගුනරත්නම් තියරිය විශ්වාස කරන තවත් එක් අනු සංවිධානයක් ලෙස කටයුතු කරන පෙරටුගාමී අන්තරේ නැමැති නැමැති මුලාවට අසු වී සිටින ශිෂ්‍යයන් බේරා ගැනීම සඳහා විකල්ප ස්වාධින ශිෂ්‍ය සංවිධානයක අවශ්‍යතාව මේ මොහොතේ දැඩිව මතු වී ඇති බව මේ පිළිබඳව අදහස් දක්වමින් විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රජාව අවධාරණය කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *