ජනපතිගේ 25 සාදය මගහැරි මන්ත්‍රිවරුන්ගේ සුහද හමුවට ආපු විපක්ෂ ප්‍රබලයා මෙන්න..!

වර්තමාන ආණඩුව බලයට පත් කර ගැනීම සඳහා වැඩ කළ පිරිස වෙනුවෙන් මාරවිල ප්‍රදේශයේ පවත්වා තිබු සාදය පිළිබදව මේ වන විට සමස්ත රටම දැනුවත් වී අවසන්.

කෙසේවෙතත් මෙම සාදය සංවිධානය කර තිබුණේ විවිධ කාරණා හේතුවෙන් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත විසින්.

රට තුළ ආර්ථික මෙන්ම පොදුජනතාව අතර ආහාර අර්බුදයක් හටගෙන ඇති මොහොතක, එමෙන්ම එම අර්බුදයෙන් ජනතාව දැඩි ලෙස පීඩා විඳිමින් සිටින මොහොතක මෙම සාදයට 800ක් පමණ පිරිසක් සහභාගී කරවාගෙන ඇති බව ද වාර්තා වූවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වයද තවමත් පහව ගොස් නොමැති පසුබිමක දී රට පාලනය කරන පාර්ශවයෙන්ම මෙවන් දැවැන්ත සාද සංවිධානය කිරීම පිළිබඳව ඇත්තේ ප්‍රශ්ණාර්ථයක්.

මේ අතර ආණ්ඩුව තුළ සිටිමින්ම ආණ්ඩුව විවේචනය කරන පිරිස මෙම සාදයට සහභාගී වේ නොවු අතර විශේෂයෙන් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනා මෙම සාදයට සහභාගී වී නොමැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු කිසිවෙක් සාදයට සහභාගී වී නැහැ.

ආණ්ඩුවෙන් ඉවත් වී තනිව ගමනක් යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විකල්ප කණ්ඩායම කතිකාවක් ආරම්භ කර ඇති මේ මොහොතේ ඉහත කී කණ්ඩායම් වල සාමාජිකයන් රැසක් 25 වනදා රාත්‍රියේදි කොළඹ ප්‍රසිද්ධ හෝටලයක හමුවී ඇති බව සදහන්. මෙම අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්ද සහභාගි වී ඇති අතර මේ පිළිබදව තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් සියල්ල දැඩි කැලඹීමකට පත්ව ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *