මීළග ජනාධිපති ගැන රටම කතාවෙන අනාවැකිය මෙන්න..!

මීලග ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය ඇතුළු පක්ෂ සියල්ල සහය ලබා දෙන සර්වපාක්ෂික අපේක්ෂකයා වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 

ජනතා විමුක්ති පෙරමුණ මිනීමරු සංස්කෘතියක් තිබෙන පක්ෂයක් බව පැවසූ ඇමතිවරයා පොහොට්ටුව කවදාවත් මිනීමරා නැති බවත් රටට වැඩ කළ  පක්ෂයක් බවත් සදහන් කළේය. 

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.

 වේයන්ගොඩ අනුර බණ්ඩාරනායක රංග ශාලාවේදී මෙම බල මණ්ඩලය පැවැත්විණි. 

“අපි ඉදිරි කාලය තුළ ගමට ගිහින් අපේ පක්ෂය සහ අපේ පාක්ෂිකයින් තව තවත් ශක්තිමත් කරනවා. අපේ පාක්ෂිකයින්ට මින් ඉදිරියට කරදර හිරිහැර කරන අයට ඒවට පොලියත් එක්කම වන්දි ගෙවන්න වෙයි කියලා මං පැහැදිලිව කියනවා. මේක තර්ජනයක් විදිහට ගන්නත් පුළුවන්. අවවාදයක් විදිහට ගන්නත් පුළුවන්. අද ජේවිපි රැල්ලක් නැහැ. අපි කාටවත් ඕනි විදිහට නටන්න සුදානම් නැහැ. 

ලබන වසරේ අපි මැතිවරණයකට මුහුණ දෙනවා. සැප්තැම්බර් වන විට අපේ ආර්ථිකය තවත් ශක්තිමත් වෙනවා. රට ශක්තිමත් වුණාම අපි ඡන්දය ලබා දෙනවා. මං කියනවා, ඊලග මැතිවරණයේදී පොහොට්ටුව සමග එක්ව තරග කරන කෙනා තමයි ජනාධිපති වෙන්නේ. ඒ වගේම ඊළග ආණ්ඩුව පිහිටුවන්නෙත් අපි. ඔබේ සහයත් සමග අපි ඒක අනිවාර්යෙන්ම සිදු කරනවා.”යනුවෙන් ද අමාත්‍යවරයා පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *