විදෙස් බලවේග පැරදූ පොහොට්ටුවට ස්තුතියි..! එජාප සභාපති වජිරගෙන් ප්‍රකාශයක්..!

අරගල අවස්ථාවේදී විදේශ බලවේග පරාජය කළ පොහොට්ටුව නැමැති සිංහල බෞද්ධ බලවේගයට ස්තුතිවන්ත විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

පොහොට්ටුව ශ්‍රී ලාංකික ජනතාවට යටත් වුවද විදේශ බලවේගවලට යටත් වුණේ නැතැයි වජිර අබේවර්ධන මහතා කීය.

අරගල අවස්ථාවේ දී ජාත්‍යන්තරය  පොහොට්ටුවෙන් කළ ඉල්ලීම හොඳින්ම දන්නා බව කී අබේවර්ධන මහතා නමුත් ඔවුන් එම ඉල්ලීමට යට වුණේ නැතැයි පැවසීය.

පොහොට්ටුව  නොකියා කියා ඇත්තේ ඔවුන් යුද්ධය ජයග්‍රහණය කළ අතර ආර්ථිකය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහට රට බාර දිය යුතු බව යැයි එජාප සභාපතිවරයා පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *