ජනපති නන්දසේන අද උදේ ඤාණා මෑණියන් හමුවෙන්න ගිහින්…?

ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින තම අනුරාධපුර වනදනාව අතරතුර අනුරාධපුරයේ ප්‍රසිද්ධ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බව කියවෙන අනුරාධපුරයේ ඤාණා මෑනියන් බැහැදකින්නට ගොස් ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ අපට වාර්තා වේ.

ඊයේ දින රුවන්වැලි සෑය වන්දනා කරනා මොහොතේ ජනාධිපතිවරයාගේ අත්ලේ නොතිබු රතු නූලක් අද උදෑසන ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ වන්දනා කරනා මොහොතේ දක්නට ලැබුනු අතර එය ඤාණා මෑනියන් බැහැදකින්නට ගිය බවට කදිම සාක්ෂියක් බවයි සමාජ මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

තොරතුරු මුලාශ්‍රය – භාරත ප්‍රභාෂණ තෙන්නකොන්

1️⃣ රූපය – සිකුරාදා රාත්‍රී රුවන්වැලි සෑය (අතේ පිරිත් නූලක් ඇත)

2️⃣ රූපය – සෙනසුරාදා උදේ ශ්‍රීමහා බෝධිය (අතේ තිබුණු පිරිත් නූල නැත. ඤාණ නූල අතේ ඇත)

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *