ශ්‍රී ලංකාවට ආ සංචාරකයින්ගෙන් ඩොලර් බිලියන 1.45 ක ආදායමක්..!

2023 වසරේ මුල් මාස 09 තුළ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.45 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම වාර්තාවක් මගින් පෙන්වා දේ.

එය 2022 වසරේ මුල් මාස 09 හි සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 873.1 හා සැසඳීමේ දී 66.8% ක වර්ධනයකි.

මේ අතර වසරේ මුල් මාස 09 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන මිලියනයේ සීමාව මේ වන විට ඉක්මවා තිබේ. 2023 සැප්තැම්බර් මාසයේ දී 111,938 ක සංචාරකයින් ප්‍රමාණයක් පැමිණීමත් සමඟ මෙතෙක් පැමිණ තිබෙන සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,016,256 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. එය 2022 වසරේ මුල් මාස 09 හි සංචාරක පැමිණීම් අගය වූ 526,232 හා සැසඳීමේ දී 93.1% ක වැඩි වීමක් වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *