2015 රනිල් නිසා දිවි බේරගත් නූගත් සිරිසේන අද වීරයෙක් වෙන්න දගලනවා..! උපුල් මාලේවන

රාජපක්ෂ රෙජිමයේ ප්‍රබලයන් විසින් දිගින් දිගටම සිරිසේනව කොන්කර ඉද්දි 2015 ජනාධිිපතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එලියට පැමිණි සිරිසේන දින ගණනාවක් හැංගිලා ජිවිතයත් මරණයත් අතර සටනක නිරත වෙද්දි මුළු පවුලටම මර බිය දැනුනු මොහොතක ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවලා සිරිසේනව ජනාධිපතිවරයා බවට පත්කලේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය බව අද ගුණමකු සිරිසේන හට අමතක වී ඇති බව කැස්බෑව ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආචාර්ය උපුල් මාලේවන මහතා පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ දේශපාලන ක්‍රියාවලිය සහ ඉතිහාසය පිළිබදව අප සමග අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මට මතකයි 2014 සිරිසේන එලියට ඇවිත් ඔහුගේ ගෙදර ඉද්දි අපේ පක්ෂ ප්‍රබලයෙක් එහේ ගියා ඔහුව හමුවන්න. හමුව අවසන්වෙලා අපි යන්න වාහනය පණගන්වද්දි සයිලන්සර් සද්දෙට බියවුනු සිරිසේන නැවතුනේ පඩිපෙළ කෙලවරේ දොරගාව. අන්න ඒ අතීතය ඔහුට අමතකයි.

2015 රනිල් වික්‍රමසිංහ හට පිංසිදු වන්නට ඔය සිරිසේන මරණින් ජිවිතය බේරගත්තා පමණක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ කරමතින් රටේ ජනාධිපති පුටුවට ගියපු සිරිසේන හට රටේ උත්තරිතර ව්‍යවස්ථාව රාජ්‍ය පාලනය පිළිබදව අවබෝධයක් තිබුනේ නැත. ඔහු අද වේදිකාවන් තුල මහ ඉහලින් වර්ණනා කරන 19වන සංශෝධනයට එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වුයේ තම බලතල හෝ ව්‍යවස්ථාව පිළිබදව කිසිදු අවබෝධයකින් නොවන අතර තම ධූරකාලයෙන් වසරක් අඩුකර තම බලය පාර්ලිමේන්තුවට පැවරීමට කටයුතු කලේ අභිමානයකින් නොව ඒ මොහොතේ බලයෙන් උද්දාමයට පත්ව සිටි සිරිසේන බව නොරහසකි.

අනතුරුව කැබිනට් මණ්ඩලයේදි භාෂාව පිලිබදව ගැටළු වලට මුහුණදුන් නූගත් සිරිසේන තමා උගතෙකු බව ප්‍රදර්ශණය කිරිමට භාෂා පරිවර්තකයෙකු පවා නොමැතිව කැබිනට් මණ්ඩල රැස්වීම් වලට සහභාගි වෙමින් විෂයන් හෝ තීරණ පිළිබදව කිසිදු අවබෝධයක් ලබානොගෙන අනතුරුව එම තීන්දු තීරණ පත්තරේ ගිය පසු මම දන්නෙත් පත්තරෙන් යනුවෙන් පවසා සමස්ත සමාජය ඉදිරියේ විහිළුවක් වු බව නොරහසකි.

එවකට යහපාලන රජය තුලින් ක්‍රියාත්මක වු සංවර්ධන ව්‍යාපෘති වලට හැකිතරම් කෙනෙහිලිකම් සිදුකළ සිරිසේන මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සදහා පමණක් අවධානය යොමුකර කටයුතු කිරිම නිසා රාජ්‍ය ආරක්ෂාව දැඩි ලෙස අස්ථාවර වු අතර පාස්කු ප්‍රහාරකයන්ට පවා අවස්ථාව ලැබුනේ සිරිසේනගේ මේ නිවට තීන්දු තීරණ නිසාවෙන් බව අවධාරණයෙන් යුතුව සදහන් කරනු කැමැත්තෙමි.

තම සිත්හි මවාගත් සිහින විජිතයක ජීවත් වු සිරිසේන නොබෙල් සාම ත්‍යාග වැනි ජාත්‍යන්තර ත්‍යාගයන් දිනාගැනිම උදෙසා තම මාධ්‍ය අංශය යොදාගෙන පුවත් ගෙතු අතර හැකි සෑම ආකාරයකින්ම තමන්ව බලයට ගෙනා එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායකයන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කල කිරිම තුලින් හටගත් දැවැන්ත දේශපාලන සුළිසුළග සිරිසේනට එජාපයට පමණක් නොව සමස්ත රටම අස්ථාවරවත්වයට රැගෙන යාමට හේතුවක් විය.

සිරිසේන තම බලයෙන් උද්දාමයට පත්ව සර්වබලධාරි දෙවියන් ලෙසින් පෙණිසිටිමට උත්සහ කළ අතර අතර ව්‍යවස්ථාව පිළිබදව ඔහුට තිබු අල්ප අවබෝධය හේතුවෙන් පාර්ලිමේන්තුව නොසලකාා හැර දින 52 අගමැති ලෙස මහින්ද පත්කරමින් නැටු නාඩගමේ අවසානය වුයේ 7 – 0 ලෙස දැවැන්ත අධිකරණ නියෝගයකින් ඔහුගේ ක්‍රියාකලාපය නීති විරෝධි බව සනාථ විමෙන්ය. ඒ අතර ඉතිහාසයේ පළමු වරට මන්ත්‍රිවරුන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් අල්ලස් ලබාදි මන්ත්‍රිවරුන් මිලදීගැනිමට සිරිසේන උත්සහ කල ආකාරයද ජනතාවට අමතක නැත.

ව්‍යවස්ථා සංශෝධන හෝ කොමිෂන් සභා පිළිබදව කිසිදු අවබෝධයක් නොතිබුනු සිරිසේන තම හිතුමනාපයට පොලිස් නිලධාරින් ස්ථානමාරු කරන්නට ගොස් සමාජය ඉදිරියේ විහිලුවක් වු ආකාරයද අපට අමතක නැත. සාධාරන සමාජයක් නිර්මාණය කිරිම උදෙසා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට ස්ථාපිත කළ කොමිෂන් සභා අභිබවමින් කටයුතු කිරිමට දැරු ව්‍යවස්ථා විරෝධි උත්සහය ඇතැම් විටෙක ඔහුගේ ප්‍රජා අයිතිය පවා අහිමිවන්නට හේතුවක් වන්නට අවධානමක් නිර්මාණය කල බවද නොරහසකි.

පැවති ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ වැනි අපේක්ෂකයෙක්ව ජයග්‍රහණය කිරිම සදහා සහය ලබාදිම තුලින්ම සිරිසේන තමන්ගේ නූගත් බව රටටම ප්‍රදර්ශනය කළ අතර වර්තමාන ජනාධිපතිවරයා සිදුකරන සියළු අකටයුතුකම් වල වගකිමක් සිරිසේනටද හිමිවන බව සදහන් කරනු කැමැත්තෙමි.

සිරිසේන විසින් ප්‍රසි්ද්ධ වේදිකාවේ හොරුන් ලෙස නම්කළ රාජපක්ෂවරුන් සමගින් බලය පිහිටුවීම තුලින් බලය උදෙසා තමන් ඕනෑම දෙයක් සිදුකරන බව ඔහු ප්‍රසිද්ධියේ ඔප්පු කළේය.

රටේ සිදුවු වංචා දූෂණ සෙවිමට රනිල් වික්‍රමසිංහයන් විසින් කෝප් කමිටුව අවශ්‍ය බලතල ලබාදි ජවිපය නියෝජනය කරන සුනිල් හදුන්නෙත්තිව එහි සභාපති කලේ සත්‍යවශයෙන්ම හොරු ඇල්ලිමේ අරමුණ පෙරදැරිවය. වසර 10ක් මහින්දලා විසින් සිදුකළ මහ බැංකු වංචාව වසරක් ඇතුලත අල්ලන්නට සුනිල් සමත් වු අතර සිරිසේන තම මාධ්‍ය බලය යොදාගෙන එය එජාපයට බැරකිරිමට උත්සහ කළේය. රනිල් තමන්ට එල්ල වු චෝදනාවන්ට නිත්‍යානුකුලව පිළිතුරු ලබාදුන් අතර වංචාවක් සිදුවු බවට සදහන් මුදලට වඩා රුපියල් බිලියනයක මුදලක් අදාල සමාගමෙන් මහ බැංකුවේ තැන්පත් කර තැබිමට ඔහු කටයුතු කලේය. එය පසුගිය අයවැය කතාව තුලදි වර්තමාන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අයවැය කතාවෙන් සනාථ වු බවද මාලේවන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *