සිරිසේනගේ ටිකිරි මොලේ..! ඉදිරි පළාත් සභා ඉලක්ක කර ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් එලියට..!

ඉදිරි පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට එම පක්ෂයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවය දිගින් දිගටම තම පක්ෂය හෑල්ලුවට ලක් කිරීම මත විකල්ප බලවේගයක් වශයෙන් ජනගත වීමට මෙම තීරණය ගත යුතු බවට ඔවුන් සාකච්ඡා කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද ඉහල නායකයන් පිරිසක් සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කරන නිසා එම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බවටයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෑත කාලයේ දී ආණ්ඩුව දිගින් දිගටම දැඩිව විවේචනය කිරීම මත මෙම පියවර ගත යුතු බවද එම සාකච්ඡාවේදී අදහස් පළ වී ඇත.

කෙසේ වුවත් දැනට අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එම ධුර දැරීමට අවස්ථාව දෙමින් ආණ්ඩුව සමග කටයුතු කිරීමට අවස්ථාව දිය යුතු බවද එහිදී තවදුරටත් යෝජනා වී තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *