බබා ඔයා කැමතිද මගේ පුද්ගලික ලේකම් වෙන්න.? Tiktok තරුවට රාජ්‍ය ඇමතිගෙන් Call එකක්..!

ඇය කෙටි කලක් තුල ටික් ටොක් මාධ්‍ය තුල ඉමහත් ප්‍රසිද්ධියක් ලද රූමත් තරුණියකි. ඇයගේ ටික් ටොක් විඩියෝවන් වල නිර්මාණශිලි බව නිසාවෙන්වයස් භේදයකින් තොරව බාල තරුණ මහලු සියල්ලන් අතර ඇය දැඩි ලෙස කතා බහට ලක්වු බව නම් නොරහසකි..

කෙටි කලක් තුල ඇය ලැබු ජනප්‍රියතාවය කොතෙක්ද යත් පසුගිය සති කිහිපයක කිහිපයක සිට ඇයගේ දුරකථනයට සමාජයේ විශේෂ පුද්ගලයෙක්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන්නට විය. මිතුරෙකුගෙන් ඇයගේ අංකය සොයාගත් බව පවසමින් ඉතාමත් ලයාන්විතව ඇයව ආමන්ත්‍රණය කළ ඔහු රාජ්‍ය ඇමතිවරයෙකි. දිනකට කිහිපවිටක් ඇයට එම අමාත්‍යවරයාගෙන් දුරකථන ඇමතුම් ලැබෙන්නට වු අතර ඇය ඒ සම්බන්ධයෙන් තම මිතුරියන් සමගද තොරතුරු බෙදාගත්තේ අනේ මන්දා හලෝ එයා නම් මාර වෙනස් යනුවෙන් පවසමිනි.

නංගි යනුවෙන් මුලින් පැමිණි ඇමතුම දැන් වෙනස් වෙලාය. බබා යන ආමන්ත්‍රණ නාමය දැන් ඔහුගෙන් ඇය හට නිබදවම ලැබෙන්නේය. පෙරේදා දින ඇයට පැමිණි අමුතු ඇමතුමකි. ඇය සිටියේ ගම්පහ උද්‍යානයක වන අතර ටික්ටොක් මිතුරන් කිහිප පොලක්ම ඇය සමග විය. ටික්ටොක් මිතුරන් සමග සිටි ඇය ඇමතිවරයා හට නොදන්වා ඇමතුම සියල්ලන්ටම ඇසෙන සේ දැමු අතර කිසිදු සැකයක් නොසිතු ඇමතිවරයාද පෙර සේම හඩ අවදිකරමින් බබා ගුඩ් නිවුස්.. ඔයා කැමතිද මගේ පුදගලික ලේකම් වෙන්න යන්වෙන් ඇසුවේය. සියල්ලන්ම තුෂ්නිම්බුත වු අතර ඇමතිවරයා කවුද යන්න එම ස්ථානයේ සිටින සියලුදෙනාටම වටහාගන්නට වැඩිවේලාවක් ගියේ නැත.

මෙම ඇමතිවරයා කාන්තාවන් සහ යුවතියන් කෙරෙහි දැඩි ලයාන්විත භාවයකින් කටයුතු කරන බවද මුළු රටම දන්නා ප්‍රසිද්ධ රහසකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *