නව වසරේදි රනිල් සිරිකොත සුද්ධයකට සුදානමින්..!

පසුගිය මහ මැතිවරණයේදි ජනතා පරමාධිපත්‍යය අනුව එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයකට සීමාවු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත මේ වන විට ජරාජීර්ණ තත්වයක පවතින අතර නව වසරේ පක්ෂ මූලස්ථානයට ශුද්ධ පවිත්‍ර කර නව මුහුණුවරක් ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට තිබෙනවා.

ප්‍රතිපාදන ව්‍යාපාරිකයන්ගෙන්

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඉකුත් සතියේ රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් කැමැත්ත පළ කොට තිබෙන බවත් ඒ ප්‍රතිපාදන මේ වන විටත් පක්ෂ නායකයාට ලැබී අවසන් බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ අනුව වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ යොවුන් පෙරමුණට පණිවිඩයක් යවා තිබෙන අතර එහි සදහන් වන්නේ එළඹෙන 23 දා ශ්‍රමදානයක් පවත්වා පක්ෂ මූලස්ථානය නවිකරණය කරන ලෙසටයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *