බැංකු ගිණුම රැකගන්න බැරි එවුන් ජාතික ආරක්ෂාව ගැන කතාකිරිම විහිළුවක්..!

මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමේ ඩෙබිට් කාඩ්පතින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තීරුබදු රහිත වෙළඳසැල්වලින් මත්පැන් මිලදී ගෙන ඇති බව හෙළිව තිබෙනවා.

ඒ අගමැතිවරයාගේ ගිණුමෙන් මුදල් වැය කළ ආකාරය සම්බන්ධයෙන් අදාළ බැංකුවේ සභාපතිවරයා කරන ලද කරුණු සොයා බැලීමකදී.

සිනමන් ලේක් හෝටලයේ පවතින රාත්‍රී සමාජ ශාලාවට සහ ෆ්ලෙමින්ගෝ රාත්‍රී සමාජ ශාලාවටත් විශාල මුදලක් ඉන් වැයකර ඇති බවද හෙළිව තිබුණා.

අගමැතිවරයාගේ මෙම කාඩ්පත මගින් මුදල් ලබාගත් බවට මේ වන විට උදිත් ලොකුබණ්ඩාරටයි චෝදනා එල්ල වන්නේ.

තමන්ගේ මුදල් තැන්පත් කර ඇති බැංකු ගිණුම ආරක්ෂා කර ගත නොහැකි පාලකයින් රටේ ජාතික ආරක්ෂාව පිළිබදව කතා කිරිම තනිකරම විහිළුවක් බව මාධ්‍යෙව්දි ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පවසයි. කාඩ් එක නිකුත් කරද්දි කෙටි පණිවිඩ දැනුම්දිම දුරකථනයට ලබාගැනිමට තරම්වත් මොලයක් නැති අය 30 වසරක යුද්ධය නිමාකලා කියමින් උදම් ඇනිම හාස්‍යජනක කරුණක් බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර උදිත් ලොකුබණ්ඩාර මහතා රාජපක්ෂවරුන්ට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රයට ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් රැගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතක් තොරතුරු වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ මෙම රථය යළි ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සාකච්ඡාවක් ඇතිව තිබෙන බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *