කතරගම සතොසට ගිය බන්දුලට කාන්තාවෝ ලුණු ඇඹුලින් අමතලා.!

බන්දුල ගුණවර්ධන වෙළෙඳ අමාත්‍යවරයා නිතරම සතොස වර්ණනාව ඉහළින්ම කරන කෙනෙක්.

මේ නිසාම ඔහු සතොස හරහා අඩු මිලට ගැනීමට හැකි හාල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැන නිතරම මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ කරනවා.

මුහුණ දුන් අකරතැබ්බය

සතොසට ලකුණු දාන ගුණවර්ධන අමාත්‍යවරයා සතොස නිසාම අකරතැබ්බයකට මුහුණ දුන්නා.

ඒ කතරගම කටගමුවේ සංචාරක නිවාඩු නිකේතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ අමතර වැඩක් ලෙස කතරගම සතොස වෙළෙද සැලේ අඩුපාඩු සොයා බැලීමට ගිය වෙලාවේ.

ගුණවර්ධන අමාත්‍යවරයා එම ස්ථානයට ගිය අවස්ථාවේ එතනින් බඩු ගැනීමට පැමිණි කතක් ඇමැතිවරයාට ලුණු ඇඹුල් ඇතුවම දෝෂාරෝපණයක් එල්ල කර තිබෙනවා.

කෝ බඩු

ඒ ඇමතිවරයා රූපවාහිනියෙන් කියන මිල ගණන් වලට ගන්න කිසිවක් සතොසේ නැති බව සඳහන් කරමින්.

“බොරුවට එනවා බලන්න. හාල් තියෙනවද. කියන දේවල් කරනවද.මිනිස්සුන්ට කන්නවත් නැහැ” කියමින් එම කාන්තාව ඇමතිවරයාගේ මූණටම කිවයුතු දේ කියා තිබුණා.

රටේ දැන් තිබෙන වාතාවරනය යටතේ මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්නේ යයි කියමින් ගුණවර්ධන අමාත්‍යවරයා එතනින් ආවාටත් වඩා වේගයෙන් මරු වී ගිහින්.

සතොස වෙළෙඳ සල්වල ගුණවර්ධන මහතා සදහන් කරන මිල ගණන් වලට මෙන්ම ඔහු සඳහන් කරන අත්‍යවශ්‍ය ආහාර වර්ග නැති බවටයි බොහෝ ප්‍රදේශවලින් චෝදනා නැගෙන්නේ.

එහෙත් ඒ චෝදනා තඹේකට ගණන් නොගන්නා අමාත්‍යවරයා සතොස වර්ණනාව දිගටම කරගෙන යන බව දක්නට තිබෙනවා.

Source – am.lk

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *