ධනුෂ්කට ජීවිතානන්තය දක්වා ක්‍රිකට් තහනමක්..! – වැඩි විස්තර මෙන්න.!

පසුගිය 2022 වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවති පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලානය අතරතුර කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලබා සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ගේ හැසිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වෘත්තීයමය වශයෙන් ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවකට ඔහුට සම්බන්ධවීම වළක්වමින් සම්පුර්ණ තහනමක් පනවන ලෙසත්, විනයවිරෝධී ලෙස හැසිරිනු සෙසු ක්‍රීඩකයන් හටද නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපති නීතිඥ සංජය රාමරත්නම් ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බවට අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක වුවහොත් ධනුෂ්ක ගුණතිලකගේ ජාත්‍යන්තර මෙන්ම දේශීය ක්‍රිකට් දිවිය ද මෙතැනින් නිමා වනු ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *