Breaking : පොල් කිතුල් රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වෙයි..!

රාගම වෛද්‍ය පීඨයේ සිසුනට පහර දීමට තම පුත්‍රයාගේ නම සම්බන්ධ වීමත් සමගින් වහාම තම රාජ්‍ය ඇමති ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වන බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමති අරුන්දික ප‍්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර ඇත.

ඔහු සඳහන් කරන්නේ රාගම වෛද්‍ය පීඨයේ සිදුනට පහර දීමේ සිදුවීම පිලිබදව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙමින් එය අවසන් වන තෙක් තම මෙසේ ධුරයෙන් ඉවත් වන බවයි.

ඇමති ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා විසින්ද අරුන්දික ප‍්‍රනාන්දු මහතාට දැනුම් දී තිබින.

අදාල සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ඒ මහතාගේ පුත‍්‍රයා මේ වන විට එළැඹෙන 06 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *