නිදහසක් නැති රටක ඇමරිකානුවන් සින්න කොඩිය එසවීම.!

අද පෙබරවාරි 04. ජනාධිපති ගෝඨාභය පම්පෝරි ගහන තවත් දවසක්.. කන්න නැතිව පෝලිමේ ඉන්න ගමන් අපි පපුවට අත තියාගෙන ඇගේ මයිල් කෙලින් කරගෙන මහ උජාරුවෙන් රූපවාහිනියෙන් නිදහස බලනවා. ඒක බලන්නත් සමහර පැතිවලට විදුලි බලය නෑ. පට්ට නිදහස.. ඇත්තටම අපි නිදහස්ද.? ජාතියක් ලෙස සටන්කර අප සුද්දගෙන් නිදහස ලැබුව බව කියමින් පෙබරවාරි 04 වන දින 74වන නිදහස් දිනය අප ලෝකයට මහ ඉහළින් සැමරුවද එහි සත්‍ය කතාව වනුයේ අප ලෝකයටම ණයකාරයින් වෙමින් අපවාදයට ලක්ව ඇති මොහොතක මේ සිදුකරනුයේ පාලකයන්ට ස්වයං වින්දනයක් ලබාගැනිම සදහා ඉතිරිව තිබෙන සම්පත් විනාශකිරිම පමණක් බව නිදහස් දිනය පිළිබදව අප සිදුකළ විමසිමකදි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජී අධිකාරි මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අධිකාරි මහතා..!

නිදහස් දවසේ ඇත්තටම අපි අපෙන්ම අහගන්න අවශ්‍ය ප්‍රශ්ණ වැලක් තියෙනවා..! අද වෙද්දි ඇත්තටම අපිට නිදහසක් තියෙනවද? අඩුමතරමේ මුහුණුපොතේ සටහනක් දාන්නවත් අපිට නිදහසක් තියෙනවද? අඩුම තරමේ අවශ්‍ය වෙලාවට කඩේට ගිහින් ගෑස් එකක් අරගෙන එන්න නිදහසක් තියෙනවද.? අද පවුලේ 04ක් හිටියොත් 04 දෙනා පෝලිම්වල. නිදහසක් තියෙනවද? පාලකයෝ ඇමරිකානු පුරවැසියෝ වෙච්චි රටක අපට නිදහසක් තියෙනවද? ණය ගෙවාගන්න බැරුව අපේ රටේ ඉඩම් අද වෙද්දි චීන්නුන්ට ඉන්දියානුවන්ට ඇමරිකානුවන්ට විකුණනවා ඇරෙන්න අපිට වෙන විකල්පයක් නෑ. එහෙම රටක අපි උජාරුවට නිදහස සමරනවා. විහිළුවක්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *