යුක්තියෙන් ඊයේ බඩුත් සමග 1467ක් අත්අඩංගුවට..!

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ පසුගිය පැය 24 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,467 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

සැකකරුවන් 56 දෙනෙකු සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 51 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 164 දෙනෙකු මෙදින මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළා.

මෙම මෙහෙයුමේදී හෙරොයින් 460g, අයිස් මත්ද්‍රව්‍ය 653g,ගංජා කිලෝ 03යි ග්‍රෑම් 637ක්, ගංජා පැළ 103,793 ක්, මාවා 342g සහ මත්පෙති 562 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *